අපේ සටන මේ පාර්ලිමේන්තුව විසුරුවන එකයි – ලාල්කාන්ත (VIDEO)

Date:

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා රට තුළ දැවැන්ත බහුතර ජනමතයක් ඇති කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මේ අයවැය අස්සෙත් කිව්වා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ කියලා. නමුත් අපේ සටන, ජාතික අරගලය මේ පාර්ලිමේන්තුව විසුරුවන එකයි. රනිල් වික්‍රමසිංහ කියනවා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැයි කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනෙ ? පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා බහුතරය අත උස්සන්න ඕනෙ. අපෙන් සමහර පත්තරකාරයෝ අහනවා ඇයි ඕගොල්ලො යෝජනාව ගේන්නෙ නැත්තෙ කියලා. එතකොට මේ සභාවෙ ඉන්න ඕනෙ කෙනෙක් දන්නවා දැන් යෝජනාව ගෙනාවොත් යෝජනාව පරාදයි. එහෙනම් පරාද වෙන්න යෝජනාව ගේන්න බෑ. යෝජනාව ගේන්න ඕනෙ දිනන්න. අපි ලෑස්තියි දිනන්න යෝජනාව ගේන්න, ඕගොල්ලො අපට වැඩක් තියෙනවා, අර පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ අත එදාට ඉස්සෙන්න ඕනෙ. පාර්ලිමේන්තු ඡන්දෙකදී නාමයෝජනා දීලා ඉදිරිපත් වෙන්න උන්ට ඉඩක් නැතිවෙන ජනමතයක් හදන්න ඕනෙ, අත උස්සන් නැත්නම් බෑ කියලා. අත උස්සපල්ලා ! ඒක රටේ බහුතර ජනයාගේ ඉල්ලීමක් බවට අපි පත්කරන්න ඕනෙ”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ගල්ගමුව ආසන සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...