බදු සංශෝධන පනතක් ගැන පළවන වාර්තා අසත්‍යයක්!

0
234

බදු සංශෝධන පනතක් ලබන 09වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බවටත්, ඒ හේතුවෙන් සියළු භාණ්ඩ මිල ඉහළ යන බවටත් ඇතැම් පුවත්පත් කර ඇති වාර්තාකරණය සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියි.

රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇතැම් පුවත්පත් වල පලවී තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පැවසූයේ මෙවර අයවැය ලේඛනයට පෙර ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛනයේ සඳහන් කරුණුවලට අදාලව යම් බදු සංශෝධන පනතක් 13 වැනිදා ඉදිරිපත් වීමට ඉඩ ඇතත්, එම සංශෝධනවලින් සියළු භාණ්ඩවල මිල ඉහළ යාමට කිසිදු හේතුවක් නැති බවද පැවසීය.

රෂිකා හෙන්නායක
2022.12.05