ශානිට ආරක්ෂාව දීමට පියවර ගන්නවා – නීතිපති අධිකරණයට පොරොන්දුව වෙයි

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (05) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබුණු පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදීමටත් ඊට අමතරව ඒ මහතාගේ නිවසේ ආරක්ෂාව සඳහා එක් පොලිස් නිලධාරියෙකු ලබාදීමටත් කටයුතු කරන බවයි.

එසේම තමන් පදිංචි ස්ථානය වෙනස් කිරීමට ශානි අබේසේකර මහතා කැමැත්ත දක්වන්නේ නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් ලබාදීමටත් සූදානම් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...