රෝහල් විසින් සිදුවන මිනිස් අවයව ජාවාරමේ තවත් රහස් එළියට – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජී. විජේසූරිය

Date:

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ බව කියන වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

එම රෝහලේ මෙම ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග මෙම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම රෝහලේ සිදුකරන බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තවදුරටත් සොයා බැලීමේදී එහිදී වෘෂණ කෝෂ ජාවාරමක්ද සිදුවෙමින් ඇතැයි අනාවරණය වී ඇත.

එම රෝහලට වකුගඩු ලබාදීමට පුද්ගලයන් හඳුන්වා දුන් ‘බායි’ නමින් හඳුන්වන ප්‍රධාන තැරැව්කරු වෘෂණ කෝෂ ලබාදීම සඳහා ද පුද්ගලයන් කැඳවාගෙන පැමිණ ඇතැයි ද හෙළිවී තිබේ.

එලෙස ලබාදෙන වෘෂණ කෝෂයක් සඳහා රුපියල් ලක්‍ෂ 70 ක ලන්සුවක්ද එම තැරැව්කරු විසින්ම තබා ඇත.

‘බායි’ නමැත්තා විසින් එලෙස මුදල් ලබාදෙන බවට පොරොන්දු වූ බව කියන තරුණයෙක් මාධ්‍යයට කරුණු රැසක් අනාවරණය කළේය. සිය අගහිඟකම් පියවා ගැනීමටත් නිවසක් මිලදී ගැනීමටත් තමා වෘෂණ කෝෂයක් ලබාදීමට එකඟ වූ බව ඔහු මාධ්‍ය හමුවේ පැවසීය. වකුගඩු ලබාදුන් පුද්ගලයන්ට එම රෝහල මගින් මුදල් ලබානොදීම නිසා මෙම තරුණයා පසුව තම වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

වෘෂණ කෝෂයක් ලබාදීමට සූදානමින් සිටි තරුණයා මාධ්‍ය හමුවේ මෙසේ පැවැසීය.

‘මල්ලී වකුගඩුවක් දුන්නා බායි කියන එක්කෙනාට. බොරැල්ල හොස්පිටල් එකේ. රුපියල් ලක්‍ෂ 22 ක් දුන්නා. ලක්‍ෂ 32 ක් දෙනවා කියලා පස්සේ ලක්‍ෂ 22 යි දුන්නේ. මල්ලිගේ සල්ලි මගේ අතට තමයි දුන්නේ. හොස්පිටල් එකේ ඇතුළේ තුන්වැනි තට්ටුවේ කාමරේදී සල්ලි දුන්නේ.

මල්ලි දුන්නු නිසා මටත් ණය තියෙන හින්දාත් ගේ කෑල්ලක් ගන්න ඕනෙ හින්දාත් මමත් දෙන්න හිටියා. දෙන්න යනකොට මගේ ඇඟ බර වැඩියි ඇඟ බස්සව ගන්න කියල කිව්වා. ඊට පස්සේ බායි මගෙන් ළමයි ඉන්නවද කියලා ඇහුවා. මම ඔව් කිව්වා.

ඔයා කැමතිද වම් පැත්තේ වෘෂණ කෝෂය දෙන්න රුපියල් ලක්‍ෂ 70 ක් දෙන්නම් කිව්වා. මම කැමති වුණා. මම ඇහුවා කොහේ හොස්පිටල් එකේද කියලා. මල්ලි වකුගඩුව දීපු හොස්පිටල් එකේ කරන්නේ කිව්වා. මම රුපියල් ලක්‍ෂ 70 කට දෙන්න කැමති වුණා. ලක්‍ෂ 70 ක් දෙන්නම් මේක ඉස්පිරිතාලේ කරමු කිව්වා.

මේක දුන්නට පස්සේ ළමයි හම්බවෙන්නේ නැහැ කැමතිද කියලා ඇහුවා. සල්ලි හම්බවෙන හින්දා ණය තියෙන හින්දා මම කැමතියි කිව්වා.

මෙම වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

මේ ආකාරයෙන් කාටවත් ශරීරයේ අවයව මුදලට විකුණන්න බැහැ. මේ රෝහලේ වකුගඩු හා වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා කොළඔ අපරාධ කොට්ඨාසයෙන් පරීක්‍ෂණයක් පවත්වාගෙන යනවා. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායමක් පත්කර තියෙනවා. ඒ වාර්තාව ලැබුණාට පස්සේ ඉදිරි පියවර ගැන තීරණයක් ගන්නවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියාසිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිලි හයක් ලැබී ඇති බවයි.

රෂිකා හෙන්නායක
2022.12.05

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...