ලංකාවේ සංචාරය අවදානම් – කැනඩා බළධාරීන් සිය ජනතාවට දැනුම් දෙයි

Date:

ඉතා වේගයෙන් පිරිහෙමින් තිබෙන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉතා අවදානම් බව කැනඩා රජය සිය රටවැසියන්ට අනතුරු අඟවමින් දැනුම් දී තිබෙනවා.

ආර්ථික අර්බුද හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය කඩාවැටී ඇති බවත්, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිග වී ඇති බවත් කැනඩා රජය පවසයි. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට පෝලිම්වල රැඳී සිට භාණ්ඩ මිලදී ගැනීමට සිදුව ඇති බව පෙන්වා දෙන කැනඩා බළධාරීන් සිය ජනතාවට දැනුම් දෙන්නේ පෝලිම්වල රස්තියාදු වී භාණ්ඩ මිලදී ගැනීම සඳහා සූදානම්ව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසයි.

සංචාරය ආරම්භ කිරීමට පෙර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි රැස් කරගෙන ශ්‍රී ලංකාවේ සංචාරය ආරම්භ කරන ලෙසයි කැනඩා බළධාරීන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ආර්ථිකයට එල්ල වූ බලපෑම සමනය කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙරට රජය බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඩොලර් හිගය ඇතුළු ආර්ථික අර්බුද හේතුවෙන් ඒයද සාර්ථක නොවන තත්වයක් උද්ගත වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...