රජය ඇතුළේ ඉඳන් රජයේ වැරදි විවේචනය කරන ඔක්කොම අයින් කරන්න ඕනෑ – ඇමති ඉන්දික

Date:

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි විවේචනය කරන සියලු දෙනාම ආණ්ඩුවෙන් ඉවත් කළයුතු බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කරයි.

”රජය විවේචනය කරන ඔක්කොම අයින් කරන්න ඕනෙ. රජය විවේචනය කරන්න බෑනෙ රජයේ ඉඳගෙන, මැති ඇමතිකම් අරගෙන, තනතුරු අරගෙන ? ඒක A ද, B ද, C ද කියලා නැහැ, රජය විවේචනය කරනවා නම් කවුරුහරි කෙනෙක් … රජය අද ජනතාවට කරන සේවය අතිවිශාලයි. හැබැයි යම් යම් වැරදි, අඩුපාඩු, තීන්දු තීරණ ගැනීම් සිද්ධ වෙලා තියෙනවා, හැබැයි ඒවා මේ රජයවත් ජනාධිපතිතුමාවත් ගත්තු තීරණ නෙවෙයි මේ රජය ක්‍රියාත්මක කරන යම් යම් තැන්වලින් ගත්තු, ඒ බලය ලබාදුන්නු අය ගත්තු දේවල්වලින් සිද්ධවෙච්ච දේවල්. ඒ නිසා ඒවා කතා කරන්න අපට ඕනෙ තරම් වෙලාව කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තුවෙ තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා මේ මහපාරෙ තැන් තැන්වල කියන්න ඕනෙ නෑ. රජයේ වැඩපිළිවෙල මට කියන්න පුළුවන්, හැබැයි රජයේ කවුරුත් කරන වැරදි කියන්න බෑ. හැබැයි රජයේ වැරදි විවේචනය කරන සියලු දෙනාම වහාම රජයෙන් අයින්වෙලා – කරන්න පුළුවන් ගොඩාක් අය ඉන්නවා, එකසිය පනහකට වැඩි ගාණක් අපි ළඟ ඉන්නවානෙ, ඒකෙ දක්ෂයො ඉන්නවා ගොඩක් – ඒ දක්ෂයින්ට ඉඩ දීලා කරුණාකරලා කරන්න පුළුවන් අයට දෙන්න ඕනෙ”

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...