*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

හංසිමා, ග්‍රේ වර්ණවත් ජයග්‍රහණයකට රැඟෙන යයි

කණ්ඩායම් ක්‍රීඩාවක තිබිය යුතු සාමූහික හැඟීමෙන් යුතුව ක්‍රියා කර ග්‍රේ කණ්ඩායම සුපිරි 4 වටයේ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් සූරතාවය හිමි කර ගැනීමට සමත් වුණා.තරගාවලියේ ඔවුන්ට අභියෝගයක් වෙමින් තමන්ව පරාජය කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබුණ රෙඩ් කණ්ඩායම මීට දින කීපයකට ඉහතදී පවත්වා අවසන් කෙරුණු සුපිරි කණ්ඩායම් 4 අතර පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ද හමුව පරාජය වූ මතකය සමඟ අවසාන තරගයේදී ප්‍රතිවාදියාගේ ස්වභාවය ගැන කල්පනාකාරී වෙමින් පිත්ත හැසිර වූ හංසිමා කරුණාරත්න ග්‍රේ කණ්ඩායමේ ජයග්‍රහණයට පෙරමුණ ගත් ක්‍රීඩිකාව වුණා.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් රෙඩ්ස් පිල ලකුණු 91කට සීමා කරන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත වටිනාකම් සේ හැඳින්විය හැකි තරුෂි රාජකරුණා ලකුණු 17 ට කඩුලු 4ක් බිද හෙලමින් දස්කම් දැක්වූවාය.නුගවෙල මැදි විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි දකුණත් පිට දඟ පන්දු යවන්නී තරුෂි මෙන්ම ඉනූෂී ප්‍රනාන්දු ලකුණු 10 ට කඩුලු 2ක් බිද හෙලා පීඩනය වැඩි කළාය. රෙඩ්ස් ඉනිමේ බිඳ වැටුණු අවසන් කඩුලු 7 ලකුණු 28ක් තුළ දවා ගැනීමට ග්‍රේස් ක්‍රීඩිකවෝ සමත් වූහ. එම පීඩනය ඔරොත්තු දෙමින් ලකුණු අතරට ආ නෙත්මි සෙනෙවිරත්න රෙඩ් කණ්ඩායමට ලකුණු 33ක් එකතු කළාය.

පිළිතුරු ඉනිමේ අමාරුකාර සහ අත්දැකීම් සහිත රෙඩ් ක්‍රීඩිකාවන් වෙතින් තරගය පැහැර ගැනීමට අවශ්‍යය රටාව වටහා ගත් අත්දැකීම් සහිත හංසිමා පිටියේ රැදි සිටිමින් නොදැවී ලකුණු 35 ක් රැස් කරමින් කඩුලු 6 ක ජයක් කරා ග්‍රේ කණ්ඩායම රැඟෙන ගියාය.ඇය සමඟ කෞෂිනි නෘත්‍යාංගනා (18) සහ විශ්මි ගුණරත්න (12) අවශ්‍යය ඉලක්කයට සහයෝගය පිත්තෙන් ලබා දෙන්නට මුල් වූවාය.මල්ෂා හේෂානි ලකුණු 13 ට කඩුලු 2 ක් දවා ගත්තාය.
අවසාන තරගයේ වීරවරිය වූයේ හංසිමා ය.තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය වූයේ තරුෂි රාජකරුණා ය.දක්ෂතම පිතිකාරිණිය වන්නට ප්‍රසාදිනි වීරක්කොඩි සමත් වූවාය.තරගාවලියේ දක්ෂත ක්‍රීඩිකාව වූයේ නිලක්ෂි ද සිල්වා ය.
හර්ෂිතා සමරවික්‍රම නායකත්වය දැරූ ජයග්‍රාහී ග්‍රේ කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂ 5 ක් හිමි විය.නිලක්ෂි ද සිල්වාගේ නායකත්වය ලැබුණ රෙඩ් කන්ඩායමට හිමි වූ ජය්‍රාහී මුදල රුපියල් ලක්ෂ තුනකි.එල්පීඑල් තරගාවලිය කෙරෙහි සපුරා අවධානය යොමු කරන්නට සියල්ල සිඳුවෙමින් තිබෙන මොහොතක නෑසු කන්ව නොදුටු නියාව කාන්තා තරගයේ අවසානය ළඟා වූයේ කෝල්ට්ස් පිටියේදී ය.ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් යනු මේ වන විට ලෝකයට අභියෝගයක් සේ ඉදරියට පැමිණෙමින් තිබෙන අතර අද වන විට ඉන්දීය ක්‍රීඩිකාවෝ ඉන්දිය ක්‍රිකට් වෙතින් ක්‍රීඩකයන් හා සමාන ගෙවීම් ලබන්නෝ වෙති.එපමණක් නොව දැනට අඩුම තරමේ මෙවැනි තරගාවලියකට කොළඹ පැවත්වෙන විට දිවා රාත්‍රී හැඩය විදුලි අර්බූදය ගැන නොසිතා ලබා නොදුන්නා යැයි සිතිය හැකි මුත්,මීට වඩා ආකර්ශණයක් දෙමින් ආර් ප්‍රේමදාස පිටිය හෝ එස්එස්සි පිටියවත් වෙන් කර දෙන්නට නොහැකිකමනම් කණගාටුදායකය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan