ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට!

Date:

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය සහ උප්පැන්න සහතිකය ප්‍රශ්න කරමින් ගොනුකර තිබූ පෙත්සමට අදාළව ඈට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ මෙම පෙත්සමට අද (15) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ ය.

ඒ අනුව, දින පහක කාලයක් සඳහා රාජ්‍ය අමාත්‍යවරියට පැනවූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ ඈට දෙසැම්බර් 21 සිට 23 දක්වාත්, දෙසැම්බර් 28 වන දින සිට දින තුනක කාලයක් දක්වාත් විදෙස්ගත වීමට අවශ්‍යව ඇති බව පවසමින් ඒ සඳහා අවසර ලබාදෙන මෙන් ඒ මහත්මියගේ නීතීඥයන් විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත ය.

ඩයනා ගමගේ මහත්මියගේ අනන්‍යතාවය අභියෝගයට ලක්කරමින් පැනවූ පෙත්සම මත ඈට විදෙස් ගමන් තහනමක් පැනවූයේ ඉකුත් නොවැම්බර් 11 වන දින වන අතර, එම තහනම නොවැම්බර් 17 දක්වාත්, ඉන් මත්තට දෙසැම්බර් 15 වන දින දක්වාත් දීර්ඝ කර තිබිණි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...