පොලීසියේ 9400 කට අහිමිව තිබුණු උසස්වීම් ලබාදීමට ඇමති ටිරාන්ගෙන් පියවර !

ශ්‍රී ලංකා පොලීසියේ පහළ මට්ටමේ නිලතල දරණ නිලධාරීන් හා නිලධාරිනියන් 9417 දෙනෙකුගේ නැවතී තිබුණු උසස්වීම් ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

අද (19) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඒ අනුව, පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා පිරිමි නිලධාරීන් 8312 දෙනෙකුටත් කාන්තා නිලධාරිනියන් 1105 දෙනෙකුටත් මෙසේ ඒ ඒ අයට හිමි ඊළඟ තනතුර දක්වා උසස්වීම් හිමිවනු ඇත.

විවිධ හේතූන් මත මෙම නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට වසර ගණනක් තිස්සේ අහිමිව තිබුණු, ඔවුන්ට ලැබිය යුතු උසස්වීම් ලබාගැනීමට මෙයින් අවස්ථාව හිමිව ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...