පොලීසියේ 9400 කට අහිමිව තිබුණු උසස්වීම් ලබාදීමට ඇමති ටිරාන්ගෙන් පියවර !

Date:

ශ්‍රී ලංකා පොලීසියේ පහළ මට්ටමේ නිලතල දරණ නිලධාරීන් හා නිලධාරිනියන් 9417 දෙනෙකුගේ නැවතී තිබුණු උසස්වීම් ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

අද (19) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඒ අනුව, පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා පිරිමි නිලධාරීන් 8312 දෙනෙකුටත් කාන්තා නිලධාරිනියන් 1105 දෙනෙකුටත් මෙසේ ඒ ඒ අයට හිමි ඊළඟ තනතුර දක්වා උසස්වීම් හිමිවනු ඇත.

විවිධ හේතූන් මත මෙම නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට වසර ගණනක් තිස්සේ අහිමිව තිබුණු, ඔවුන්ට ලැබිය යුතු උසස්වීම් ලබාගැනීමට මෙයින් අවස්ථාව හිමිව ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...