විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජයේ අවධානය…

Date:

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කය ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සහ කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා යෑම යන ඉලක්ක සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

සහනදායී දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳපො, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභව පිළිබඳව සෝල්හෙයිම් මහතා සිය ජාත්‍යන්තර දැනුම එම සාකච්ඡාවට එක්ව සිටි නිලධාරින් සමග හුවමාරු කර ගත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉන්දීයාව හා චීනය වැනි රටවල් එහි ප්‍රබල වාසි රැසක් හිමි කර ගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ද එම වාසි අත්කර ගත හැකි බව සෝල්හයිම් මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්‍රශ්න විසඳනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද ඔහු එහිදි කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පුනර්ජනනිය බලශක්ති අංශය වේගයෙන් වර්ධනය වන අංශයක් වන බැවින් යුරෝපා, අමෙරිකා, කැනඩාව ඇතුළු රටවල එවැනි ආයෝජකයින් විශාල වශයෙන් සිටින බව එම සාකච්ඡාවට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ සමුළුවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එමගින් ආයෝජකයින් අප රටට ආකර්ශනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...