සතිඅන්තයේ විනෝද චාරිකා ගියාද ? එහෙනම් සැළකිලිමත් වෙන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Date:

අවසන් වූ දීර්ඝ සතිඅන්තයේදී විනෝද චාරිකාවල නිරත වූ පුද්ගලයන් විශේෂ අවධානයෙන් පසුවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. විනෝද චාරිකාවල නිරත වූ පුද්ගලයන්ගේ පවුල්වල යම් සාමාජිකයෙකුට ශ්වසන අපහසුතා හෝ කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම කොවිඩ් පරීක්ෂණ සඳහා පෙනී සිටින ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙනවා.

දීර්ඝ සතිඅන්තයේදී විශාල ලෙස විනෝද චාරිකාවල නිරත වන ආකාරය මෙන්ම බොහෝ ජන ඒකරාශීවීම්ද නිරීක්ෂණය වූ බවයි හේමන්ත හේරත් මහතා පවසන්නේ. මෙම තත්වය මත යළිත් කොවිඩ් වසංගත තත්වය උත්සන්න වියහැකි බවත් එනිසා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත ඕනෑම පුද්ගලයෙකු පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතු බවත් ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...