*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඔසී ලීගයේදී අරෝශ් අවසාන මොහොතේදී ඉන්දියාව පෙරළා දමයි

ඉකුත් වසරේ ජයගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලීග් සූරතාවලිය ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.මෙවර ඉකුත් වසරේ දෙවන එම තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් රුවන් කැල්ලපොත “බිග්බෑෂ්” තරගාවලිය නියෝජනය කරන බැවින්, මෙවර තරගාවලිය නියෝජනය නොකළද,එම වගකීම ගත් මහේල උඩවත්තගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ද අවසන් තරගයට පිවිසෙන්නට සමත්ව තිබෙනවා.ඔවුන්ට එරෙහිව දෙසැම්බර් 23 වන දා අවසාන තරගයේදී සටන් වඳින්නේ පකිස්තාන කණ්ඩායමයි.
අද පැවති පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ පකිස්තානය ජයගත් අතර වැඩි දෙනෙකුගේ අවධානයට සහ ඇගයීමට ලක් වූ තරගකාරීත්වයේ උණුසුම තදින්ම දැණුන තරගය වූයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගි වූ අවසාන පූර්ව තරගයයි.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අරෝශ් ජනෝදා යැවූ අවසාන පන්දු ඕවරයේ ලබා ගැනීමට තිබුණ ලකණු හත වෙනුවට කඩුලු තුනක්ම ලකුණු දෙකකට පූජා කරන්නට සිඳු වූ ඉන්දියානුවෝ ලකුණු 4 ක පරාජයක් උරුම කර ගත්හ.එසේම එම කඩුලු තුන කඩුලු ත්‍රිත්වයක් සේ ලබා ගත් අරෝශ් ට,එම කඩුලු තුන වෙනුවෙන් අගනා උඩ පන්දු දෙකක් රැක ගනිමින් ඇන්ඩි සොලමන් දැක් වූ සහය ද අති විශිෂ්ඨ එකක් විය.
උප සංස්කෘතික සුහදතාවය අරමුණු කර ගනිමින් පැතිර යන ජන සමූහයන් අතර ක්‍රිකට් තරගාවලි විකාශයේ නැඹුරුවක් ලෝකයේ දකින්නට ලැබෙන අතර ඒ අනුව මෙම තරගාවලිය, දැනටමත් ලෝකය පුරා ජනප්‍රිය තරගාවලි අතර වැඩි ජනප්‍රියත්වයකින් ඉදිරියට යනු ඇතැයි සිතිය හැකි තරගාවලියකි.
මෙවර ඕස්ට්‍රේලියාව,ඉන්දියාව,ඇෆ්ගනිස්තානය,පකිස්තානය,ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම ලෙස මෙම තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් ගණන හයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමට කලෙකට පෙර මෑත අතීතයේ සිටි හොඳම ආරම්භ පන්දු යවන්නන් යුගලයක් සේ සැළකෙන ලසිත් මාලිංග මෙන්ම නුවන් කුළසේකර ද ඇතුළත්ව සිටින අතර අවසාන තරගයට ප්‍රවේශය සකසා ගැනීම සඳහා වූ තරගය මාලිංග නියෝජනය නොකළේය.
ඉකුත් වසරේ අවසාන තරගයේදී ශ්‍රී ලංකාවට හමු වූ ඉන්දියාව මෙවර අවසාන පූර්ව තරගයේ හමුවීම යම් ආකාරයක අවසාන තරගයක සිරි ඉසිලීමක් විය.ඒ ආකාරයටම තරගය අයහපත් කාලගුණ තත්ත්වය නිසා පන්දු ඕවර් 18 ට ද සීමා වූ අතර ඉන්දීය පන්දු යවන්නෝ හොද පාලනයකින් පන්දු යැවූහ.සහන් පෙරේරා ලකුණු 32 ක් ද
විනූ මොහොට්ටි ලකුණු 21 ද බා ගැනීම ඇතුළත පන්දු ඕවර් 18 කඩුලු හයකට ලකුණු 126 සේ නිමා විය.එම ලකුණු හඹා යාමේ දී පන්දු ඕවර් 17 වන තෙක් ඉතා සැළසුමකින් තරගයේ රැදී උන් ඉන්දියාව පන්දු ඕවර් 18 නිමා වෙද්දී කඩුලු 8 ට ලකුණු 122 ක් ව කඩා වැටෙන්නට හේතුව වූයේ 17 වන ඕවරයේදී කඩුලු රකින මාපා විසින් දවා ගත් අති විශිෂ්ඨ දුවද්දි දැවී යාමය.ඒ වන විට කඩුලු 4 ට ලකුණු 117 ක් වූ ඉන්දීය ඉණිම මාපාගේ පන්දු රැකීමෙන් පසු තව දුරටත් ආපසු හරවමින් අරෝශ් කළ පන්දු යැවීම නිසා ඉන්දියාවට තවත් වසරක කාලයක් ඕස්ට්‍රේලියානු ලීගයේ අවසාන තරගය සඳහා උත්සාහ කරන්නට බලා සිටින්නට සිඳුවනවා ඇත.
ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 16 ට කඩුලු 4 ක් දවා ගත් අරෝශ් ජනෝදා ය.තරගාවලිය නියෝජනය කරන ශ්‍රි ලංකා කණ්ඩායම ද මෙහි වේ.

තරගාවලිය පිළිබඳ තොරතුරු සහිත වෙබ් අඩවිය පහතින් දැක්වේ.
https://aussiecricketleague.com.au/cricket-match-fixing/

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan