*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ට්‍රයි එක තියන්න යනකොට ටකල් කරන එක රගර්වල හැටි – රිස්ලි ඉල්ලියාස්

රිස්ලි ඉල්ලියාස් ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරුන්ට සහ ක්‍රීඩාවේ පරිපාලන මහා ගෙදරට ආසාත්මික චරිතයක්.හිටපු අමාත්‍යවරයා ඔහු නායකත්වය දුන්න පරිපාලනයට එරෙහිව තහනමක් ගෙනාවා.එය අධිකරණයට ගොස් නැවත වැඩ කළ හැකි මට්ටමේ ඉඩක් පමණක් නොව නිලවරණයක් පවත්වන්නත් අවසර ගන්න,හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ තහනම් කරපු පරිපාලනය සමත් වුණා.
අධිකරණ නියෝගයක් මත,ජාත්‍යන්තර රගර් සම්මේලන ව්‍යවස්ථාවට සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පණතට අනුව පවත්වපු නිලවරණය හමාර වුණේ නැවත රිස්ලි ඉල්ලියාස් සභාපති තනතුරට තෝරා ගැනීමෙන්.පසුව එයට විරෝධතා ඉදිරිපත් වුණා.නමුත් එය පවත්වා ඇති ක්‍රමයේ වරදක් නැති බව පැහැදිළි වුණා.


දැන් නැවතත් සෘජුව ඉල්ලියාස් පමණක් ඉලක්ක කරගත් තහනමක් පනවන්න ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරලා.එම තහනමට එරෙහිව ඉල්ලියාස් පාර්වශය විසින් අධිකරණයට ගොනු කරන ලද කරුණු සළකා බලන්න අධිකරණය තීරණය කරලා.වංචාවක්,වැරදි විදිහට වෙනත් රටක ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට යෙදවීමක්,පරිපාලනයේ වත්කම් අහිමි කර පරිපාලනය ණය කිරීමක්,ක්‍රීඩකයන්ට හෝ ක්‍රීඩා සමාජවලට හානිදායක හැසිරීමක්… ඒ ආකාරයට රටේ ක්‍රීඩාවට කරපු හානියකට එරෙහිව කිසිම චෝදනාවක් නැහැ.එහෙම චෝදනා එල්ල කිරීම වෙනුවට තහනමට හේතුව ආසියානු සම්මේලනයෙන් කරන පරීක්ෂණයක් හැටියටයි නම් වෙලා තියෙන්නෙ.මේක ටිකක් අමුතුයි.


ඒ සම්බන්ධයෙන් මීට පෙර නීතිඥ පණ්ඩුක කිර්තිනන්ද LNW වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙය ආසියාවෙන් ලෙඩ වූ බව කී විට ලංකාවෙන් රෝගියා ආදාහනය කරන තත්ත්වයක් බවය.කෙසේ වුවත් අපට රජයේ ආයතන යනු ඊට නියමිත චක්‍රලේඛවලට අණ පනත්වලට වඩා දේශපාලන ානයකත්වය දෙන්නාගේ මඟ පෙන්වීම යටතේ ඊට අවශ්‍යය පරිදි ගමන් කරන ආයතන බවට අත්දැකීම් එමටය.ක්‍රීඩාවට නොව ලංකාවේ එවැනි අත්දැකීම් හිඟ නැත.අමාත්‍යවරයා නටන්නට නමස්කාරය කියන විට ඒවායෙහි පුටුවල ඇත්තන් කැමති ඇඳගෙන වන්නම් ද නටා හමාර කරන්නටය.
එවැනි වාතාවරණයක අධිකරණයේ පවතින නඩුවේ ස්වාධීන තීරණයට එකඟ වෙන අතරේම,අධිකරණයට ගිය රිස්ලි ඉල්ලියාස්ගේ රගර් කතාව අසන්නට අපි තීරණය කළෙමු.ඒ ඔහු පැවති සම්ප්‍රදායන් යම් ආකාරයකට අතික්‍රමණය කරමින්,නව සබඳතා සහ අනුග්‍රහ රැසක් රගර් වෙත සපයමින් ශ්‍රී ලංකා රගර්වලට දෙන නායකත්වයට දිගින් දිගටම විවිධ බාධක ඇතිවන්නේ ඇයිද යන්න ඔහුගෙන්ම අසා දැන ගැනීමේ අටියෙන්ය.ඒ සම්බන්ධයෙන් යම් නිවැරදි කිරිමක් කරන්නට මේ අදහස් දැක්වීම්වලින් අපහසුවට පත්වන අයෙක් වේනම් ඔහුටද අවස්ථාව සැළසීමේ එකඟතාවය ද සමඟය.


ඇමතිවරයා ක්‍රීඩා පනත යටතෙ ඔහුගේ බලය යොදා ඔබව තහනම් කර තියෙන්නෙ.ඇයි ඒ තීරණයට විරුද්ධව ඔබ උසාවි යන්නෙ.අමාත්‍යවරයාට බලය තියෙන නීතිය අනුවයි ඔබව තහනම් කරලා තියෙන්නෙ.

රිස්ලි – ඇමතිවරයාගේ අභිමතය පරිදි….මෙහෙම එකක් තියෙනවනෙ පණතෙ.ඒකනෙ පාවිච්චි කරලා තියෙන්නෙ.හැබැයි හැම දෙයක්ම අර්ථ කථනය කරන්න වෙන්නෙ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් පුරවැසියෙක්ට තිබෙන පොදු අයිතිය යටතෙ.පුද්ගලයෙක් ඒ හරහා වන ප්‍රතිපාදන අනුව තමන්ට පැවරෙන බලයෙන්,තව කෙනෙක්ගේ අයිතියට අගතිගාමී විදිහට පහර ගහනවනම් හෝ අපහාස කරනවානම් හෝ ඔහුගේ අයිතීන් පැහැර ගන්නවානම් අපි ආයෙ උඩට ගිහිං කියනවා.
පවුලක අම්මා කෙනෙක් කියනවා අයියට නංගිලා මල්ලිලා බලා ගනිං කියලා.අයියා ඒක වැරදියට අරගෙන එයාට කැමති විදිහට නංගිලා මල්ලිලාගේ නිදහසට බාධා කරනවනම් ඒ අය අම්මා ගාවට ගිහිං කියයි.අම්මා තමයි හැම දරුවෙක්ටම සාධාරණ විදිහට සළකන ආදරය දෙන එක්කෙනා.නීතියත් එහෙමයි.

ඔබ සභාපති පදවයට ඇවිත් රගර් අනුග්‍රහයන් නැති කර ගත්තා.ගැටුම් හදා ගත්තා.මෙහෙම එල්ල වෙන චෝදනා ඔබ පිළිගන්නවද?
රිස්ලි – අනුග්‍රහයන් හී සීමාවන් රගර්වලට වාසි වෙන විදිහට හැදුවා.එතනදි අනුග්‍රාහකයන් පවා පාවිච්චි කරලා, රගර් පුටුවලට සංගම්වල කැමත්තෙන් එන්න බැරි අය දේශපාලනිකව අර්බූදයක් හදලා ඒක හරහා මේ පුටුවට එන්න දැගළුවා.ඒ දැගලිල්ල තවමත් වෙනවා.එතනදි අපි සම්මේලනය විදිහට සෘජු තීරණ ගන්නවා.එහෙම අවස්ථාවලදි ඒ අයව ඔඩොක්කුවෙ දාගෙන ඉන්නවානම් දේශපාලනඥයො ඒ අයටත් රිදෙයි.ඒත් අපිට රගර්වලට රිද්දන්න දෙන්න බැහැ.අපි ඒක හදන්නයි ඇවිත් ඉන්නෙ.
අපි අයින් වුණ අනුග්‍රාහකයා වෙනුවට අලුත් අය ගෙනාවා.හොයා ගත්තා.දැන් එහෙම ගෙනත් අර අනුග්‍රාහකයන් එක්ක වැඩ කරපු අය රගර් ණය කරලා තිබුණ එකත් අඩු කරලා දිලා තියෙනවා.දැන් එතකොට නැති වුණ අනුග්‍රාහකයන්ගෙන් මේකට මහා විශාල ලාභයක් ලැබුණනම් රගර් ණය වුණේ කොහොමද?මම අනුග්‍රාහකයා කරපු දෙයක් නැහැ කියන්න නෙමෙයි මේ ප්‍රශ්නය අහන්නෙ.අනුග්‍රාහකයා කරපු දෙයින් වැඩක් නොගෙන රගර් ණය කරේ ඇයි කියන එක ඒ නිලධාරින්ගෙන් අහන්නයි.

ඔබ කියන්නෙ හිටපු පාලකයන් හොරකම් කරා කියලද?
රිස්ලි – ඔප්පු කරන්න බැරි වෙන්න,අහුවෙන්නෙ නැති වෙන්න හොරකම් කරපු නිසානෙ මිනිස්සු හොරු හොරු කියන අය තාමත් මහත්තුරු වගෙ කතා කරන්නෙ.ඉතිං මං කියන්නෙ නැහැ හොරකම් කරා කියලා.එහෙම ඔප්පු කරන්න ක්‍රමයක් පේන්නෙ නැහැනෙ.හැබැයි ණය කරා කියන එක ඇත්ත.මම පාලනයට එන කොට ශ්‍රී ලංකා රගර් මිලියන 56 ක් ණය යි.අපි දැන් ඒ ණය බරින් රගර් ටික ටික නිදහස් කරමින් ඉන්නෙ.වෙන රගර් සංගම්වලට දුන්න හිතාදර අනුග්‍රහයන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් රගර්වලට වැහිලා තියෙද්දිත් අපි ඒ දේවල් කරලා තියෙනවා.මං අහන්නෙ එහෙම වැඩ කරනවටද මේ එලවන්නෙ.ආපහු ණය අඩු කරලා තියෙන රගර්වල එකතු වෙලා තියෙන මුදල ආයෙ ණය බර වැඩි කරලා යන කෙනෙක්ට භාර දෙන්න කාට හරි උවමනාද?

ආසියාවෙ ප්‍රශ්නයකට නේද ඒ වුණාට ඔබව තහනම් කරන්නෙ
රිස්ලි – ප්‍රශ්නය ආසියාවෙනම් අපි මොකටද ඒකට තීරණ ගන්නෙ.එයාලට කියන්න තියෙන්නෙ අපේ රටේ නීතිය අනුව මේ මනුස්සයා හොඳට වැඩ කරගෙන යනවා.එයා ගැන ප්‍රශ්නයක් තියෙනවනම් රට තහනම් කරන්න එපා.එයා වෙනුවට ඒ සංගමේ වෙන කෙනෙක් එවන්න කියන්නම් ආසියාව නියෝජනයට කියලනෙ.එයා ගැන පරික්ෂණයක් කරලා වාර්තාව එනකම් එයාට වාරණ දැම්මත් අපේ රගර්වලට වාරණ දාන්න එපා.ඒක වැරදි වැඩක් කියලා කියන්න බැරි ඇයි?ඒකෙන් අපේ රටේ කීර්තියට හානියක් කරන්නෙ ඔබ කියලා ඒ අයට පෙන්නා දෙන්න බැරි ඇයි?

මේක ඇමතිවරයාට ආසියාවෙ රගර් ප්‍රධානියා එක්ක ළඟින්ම ඉන්න ලාංකේය පුරවැසියා හරහා කියන්න තිබුණනෙ.එහෙනම් ප්‍රශ්නය විසඳගන්න තිබුණ නේද?
රිස්ලි – එයා මේක දන්නෙ නැද්ද?එයා ලංකාවෙ නෙමෙයිද?කතා කරන්න අපිව හඳුනන්නෙ නැද්ද?රටට අප කීර්තියක් වෙන එක නවත්තන්න කියලා එයා කියයිද?එහෙම අපකීර්තියක් වුණාට මොකද එයාලට.ඒ මොහොතෙ මොකක් හරි විනෝදයක් සතුටක් විතරයි ඒ අය අපේක්ෂා කරන්නෙ.නැත්නම් වෙන රටක මිනිස්සු මේ රටට ක්‍රීඩා කරවයිද?ලෝක රගර් ප්‍රජාව ඇතුළෙ ඒ අත්වෙච්චි අපකීර්තිය අදටත් ගෙවලා ඉවර නැහැ.පවුම් 50000 ක් දඩය.අවුරුද්දට 5000 ගානෙ ගෙවන්නෙ.තව 25000 ක් ගෙවන්න තියෙනවා.ඒවා ගෙව්වම පාඩුව කාටද?ප්‍රාදේශිය රගර්වලට යැවෙන මුදලෙන් අඩු වෙන්නෙ.එහෙම ක්‍රීඩාවට සළකපු ක්‍රීඩාව ගැන හිතපු නැති කෙනෙක් රටේ අපකීර්තිය වළක්වාගන්න වැඩ කරයි කියලා හිතනවද?
රටට එහෙම කරපු අයට,ආමන විගමන පනත උල්ලංඝණය කරපු අයට රට නියෝජනය කරමින් වැඩ කරන්න ඉඩ තියෙනවා.ඒ අය ගැන පරීක්ෂණ නැහැ. තහනම් නැහැ.හිටපු ඇමතිවරු කරන්නෙත් නැහැ.දැන් ඉන්න අය කරන්නෙත් නැහැ.මේ ආණ්ඩුවෙ ලොකු වෙනසක් නැහැනෙ මචං,ආපු සිංහල බෞද්ධ කියපු සෙට් එකේම කෑල්ලක් මේක.ඒ නිසා උඹ මුස්ලිම් නිසා මෙහෙම කරනවද දන්නෙත් නැහැ කියලා සිංහල යාළුවො කතා කරලා කියලා සොරි කියනවා.මට ආසියාවේ පරීක්ෂණයක් කියලා තහනම් කරනවා.සමහරු නායකත්වය ගද්දි ජාත්‍යන්තරයෙන් දඩ ගහලත් ජාත්‍යන්තරයෙම වැඩ කරනවා.මොකුත් නැහැ.ඒ සිංහල නිසා ද මම මුස්ලිම් නිසා ද කියන එක ගැන සිංහල යාළුවො කිව්වම මටත් හිතෙනවා.
තව අය ක්‍රීඩා ඇමතිතුමාගෙ ආශිර්වාදය ලබමින් ඉන්න ගමන් කරන්නෙ මොනවද?ක්‍රීඩා සමාජ පස්සෙ ගිහිං ඡන්දෙට නාම යෝජනා ගන්න බැලුවා.ක්‍රීඩා සමාජ බැහැ කිව්වම ඇවිත් නිලවරණයට බාල්දි පෙරළන්න බැලුවා.ඉතිං ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව හදන්න උපදෙස් ගන්න සමීප කරගෙන ඉන්න මිනිස්සු ක්‍රීඩාවට ආදරේ නැහැ කියලා ක්‍රීඩාව විසින්ම ප්‍රතික්ෂේප කරපු මිනිස්සු.හරියට මේක කෙළින් යන්න කකුළුවගෙන් අවවාද ගන්න විදිහෙ සිස්ටම් එකක්.
දැන් ඔය ඇමතිතුමා එකකට නෙමෙයි, දෙක තුනකටම දාගෙන ඉන්න රගර් චරිත බලන්න.ඒ අය මීට ඉස්සරත් එකතු වෙලා අතුරු කමිටු දාගෙන රගර් එකවුන්ට් එක හින්දලා ගිය අය.නමුත් ඉතිං අපි වැඩ කරද්දි ඒ එක්කෙනෙක් මොනව හරි දෙයක් කිව්වම එයා එක්ක හිටපු අනිත් එක්කෙනාට කියනවා හරිද බලන්න කියලා.එහෙම යන පාරක තමයි අපි මේ රගර් එක අරගෙන ඉස්සරහට යන්න බලන්නෙ.කොන්‍ක්‍රීට් බැමි දාලා වහන්න හදන්නෙ.ඒත් අපි රගර්වලට තියෙන ආදරේ නාමෙන් ශක්තිමත්ව බාධක බිඳගෙන ඉස්සරහට යනවා.
අන්තිමට ඉස්සරහ අවුරුද්ද ගැන කියන්න තියෙන්නෙ මොනවද?
ප්‍රධාන බලාපොරොත්තුව ආසියානු තරගාවලිය.මේ ට්‍රයිඑක තියන්න ක්‍රීඩකයන්ට තනියෙන් බැහැ.පරිපාලනය වැඩ ගොඩක් කරන්න ඕනි.ඒකට ටකල් දාන එක නොනැවතී සිද්ධවෙයි.නමුත් අපි කොහොමහරි ට්‍රයි එක තියෙනවා.රගර්වල හැටි එහෙමයි.ට්‍රයි තියන්න යනකොට ටකල් දානවා.
නමුත් ඉස්සෙල්ලම විසඳගන්න දෙයක් තියෙනවා.අම්මා අයියට කියන්න ඕනි මල්ලි වැරදි දෙයක් නෙමෙයි කරන්නෙ උට හිරිහැර කරන්න එපා කියලා.විශ්වාස කරන්නෙ නීතිය.මම ආගමට ගරු කරනවා.විශ්වාස කරනවා.කුරානය ගාවට මං විශ්වාස කරන්නෙ මේ සමාජයේ විවිධ විශ්වාස තියෙන මිනිස්සුන්ට තමන්ගේ හැකියාවෙන් සාධාරණව වැඩ කරන්න සම අවස්ථා හදන පාළම,නීතිය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ පොත තමයි ඒකට ප්‍රතිපාදන ලබා දෙන්නෙ.මම හැම වෙලේම ඒ අනුව යමින් රටේ නිතියට ගරු කරනවා.සාධාරණ මනුස්සයා ආරක්ෂා කරනවා කියලා විශ්වාස කරනවා.අපි බලං ඉමු.2023 හොඳ අවුරුද්දක් වෙයි කියලා විශ්වාස කරමු.

සාකච්ඡාව නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan