සරණාගතයින් ලෙස සිටින විදේශිකයන් 912ක්..

විවිධ හේතු මත විදේශිකයන් 912 දෙනකු සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන්වේ.

ඉන් වැඩි පිරිසක් පාකිස්තාන ජාතිකයෝ වෙති. එම සංඛ්‍යාව 709කි.

මීට අමතරව ඇෆ්ගනිස්ථානු ජාතිකයන් 113 දෙනකුද, ඉරාන ජාතිකයන් 24 දෙනකුද, පලස්තීන ජාතිකයන් හය දෙනකුද, සුඩාන ජාතිකයන් හතර දෙනකුද ,යේමන ජාතිකයන් පහළොස් දෙනකුද මියන්මාර ජාතිකයන් තිස් පස් දෙනකු ද, බංගලාදේශ, එරිත්‍රියාව, සෝමාලියාව යන රටවල එක් අයකු බැගින්ද මෙරට සරණාගතයන් ලෙස රැඳී සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙම පිරිස මෙලෙස මෙරට රැඳී සිටින්නේ සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධික්ෂණය යටතේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...