ජන්දය කල්දාලා ජනමතය පාගන්න හදන කිසිම කුරුමාණමකට ඉඩ දෙන්නේ නැහැ! (VIDEO)

Date:

මැතිවරණය කල්දමමින් ජන මතය පාගාදැමීමට හදන කිසිදු කුරුමාණමකට ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ජන්දය පැවැත්වීමට රු.බිලියන 10ක් වැයවන අතර එවැනි මුදලක් වැයකර පසුව තෙල් නොමැති බවට නාහෙන් අඩන්න එපා කියමින් එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ් කාරියවසම් ජනතාව මුල කිරීමට කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රු. බිලියන 10ක් යනු තෙල් නැව් බාගයකට පමණ වැය මුදලක් වන බවත් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට නොහැකි වන හෙයින් ජනමතය පාගාදැමීමට විවිධ හේතු දැක්වීමෙන් වැලකී සිටින ලෙස තමන් පවසන බව මරික්කාර් මන්ත්‍රීවරයා කියාසිටියි.

කෙසේවෙතත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ආයතන මෙන්ම ණය ගත් රටවල් ආණ්ඩුවට දැනුම් දී ඇති පරිදි ජනමතය පෙන්වා ණය ප්‍රතිව්‍යුහගත කර රටේ ආර්ථිකය ගොඩගන්නවාද නැත්නම් බිලියන 10කට මුවාවෙමින් ආර්ථිකය වලපල්ලට ගෙනියනවාද යන්න තීරණය කළ යුතු වන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...