සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් සංස්කෘතික නිලධාරී තනතුර අහෝසි කර ඒකාබද්ධ සේවයේ තනතුරක් බවට කිරීමේ ආණ්ඩුවේ උත්සහයට එරෙහිව සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවට අදාල පනත සකස් කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල විසින් සෙත්සිරිපාය ඉදිරිපිටදී ඊයේ දින (28) විරෝධතාවක් පවත්වා තිබේ.
කලාකරුවන්, සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ආදී රැසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර, රටක ජාතික උරුමයන් සහ සංස්කෘතික අනන්‍යතාවයන් සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ සංස්කෘතික නිලධාරීන්ට බවත්, ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය හේතුවෙන් එම තනතුර අහෝසි වීමේ අවදානමක් ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
ඡායාරූප: ලංකාදීප
රෂිකා හෙන්නායක