තම අපේක්ෂාව මහනාහිමිවරුන්ට පැවසූ මහ බැංකු අධිපති!

Date:

උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නව වසර උදාවත් සමඟ අද පෙරවරුවේ මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා පළමුව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් එහි මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහල්වතු පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් මේ වන විට පේන්න තියෙනව.

උද්ධමනය සාර්ථක අයුරින් පාලනය වෙමින් තිබෙනවා . එමගින් පොලී අනුපාතය පහළ ගිය විට ජනතාව මේ වන විට විඳින අසීරු කම්වලින් මිදී සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවෙනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් ස්ථානාධිපතිවරු 34කට ස්ථාන මාරු!

කොළඹ LNW:පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව...

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...