පාන්ට් ශල්‍යකර්මයක් සඳහා ගුවණින් මුම්බායි වෙත

Date:

දෙසැම්බර් 30 වන දින සිය ගම් ප්‍රදේශය වන රූර්කි ආසන්නයේ සිඳු වූ රිය අනතුරෙන් තුවාල ලබා සිටින ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ශල්‍යකරුමයක් සඳහා ගුවණින් මුම්බායි වෙත රැඟෙන ඒමට කටයුතු යොදා තිබෙන බව ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
අනතුර ගැන තොරතුරු වාර්තා කරන පොලීසිය පවසන්නේ පාන්ට්ගේ පාලනයෙන් ගිලිහුණ මෝටර් රථය දෙවරක්ම පෙරැළි ගොස් ඇති බවයි.අනතුරෙන් ඇති වූ ගින්නට හේතුව එය බව ද පොලීසිය පෙන්වා දෙයි.
පාන්ට් මුම්බායි වෙත රැඟෙන එන බව සනාත කර ඇති ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල සභාපති ජේ.ෂා පවසා ඇත්තේ ඔහු අස්ථි සම්බන්ධ ශල්‍යකරුමයක් සඳහාරැඟෙන ඒමට නියමිත බවත්,රිෂාබ් යහපත් තත්ත්වයට රැඟෙන ඒම සඳහා ආධාර කිරීමටත් එම කටයුතු කඩිනම් කිරීමටත් පාළක මණ්ඩලය සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බවය.එසේම මෙම කාල සීමාව තුළ ඔහුට අවශ්‍ය සියලු සහාය පාළක මණ්ඩලය ලබා දෙනු ඇති බවත් ලේකම්වරයා පවසා ඇත.
ඔහුගේ හිසට,ශරිරයේ පසු කොටසට සහ පාදයකට මෙම අනතුරෙන් තුවාල සිඳු වී ඇත.දැනට පෑන්ට් ඩෙහ්රාඩුන් හි මැක්ස් රෝහලේ රැඳී සිටින පාන්ට් මුම්බායි වෙත රැඟෙන ඒමේන් පිළිඹිඹු වන්නේ එම රෝහලට දැරිය නොහැකි තරමේ ශල්‍යකර්මයක අවශ්‍යයතාවය.පාන්ට් ඒ නිසා මේ අනතුර නිසා සුළු තුවාල ලබා ඇතැයි යන්න පැවසීම සම්පූර්ණ සත්‍යය විය නොහැකි බව ඇතැම් මාධ්‍යය මතු කර දක්වයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ අනතුරට පත් පාන්ට් ගේ මෝටර් රථයයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...