පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි කෑම තහනම්!

Date:

පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි පරිභෝජනය තහනම් කර සහල් පිටි භාවිතයෙන් සකසන ලද ආහාර භාවිතය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම වැනි අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කර ඇති බවයි.

මීට සමගාමීව එම වැඩපිළිවෙළ රජයේ කාර්යාලවල ඇති ආපනශාලා දක්වා ද පුළුල් කිරීමට සලසුම් කර තිබේ.

මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද අදහස් විමසිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ, 2021 වසරේ මහ කන්නය අසාර්ථකවීම නිසා 2022 වසර අවසන් වනවිට ඩොලර් මිලියන 400ක වියදමින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් මෙරටට ආනයනය කරනු ලැබ තිබෙන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...