*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අපි හිස හංගාගන්නේ නැහැ ප්‍රශ්ණය භාරගෙන ඒයින් මිදෙනවා – කෙන්යාව

මේ වන විට ලෝකයේ තහනම් උථ්තේජන භාවිතය සම්බන්ධයෙන් වැඩිම චෝදනා එල්ලවන රටවල් බවට පත් වී ඇත්තේ පිළිවෙලින් රුසියාව,ඉන්දියාව සහ කෙන්යාවයි.විශේෂයෙන්ම කෙන්යානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 54 දෙනෙක් මේ වන විට ඒ් ආකාරයට තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් දඬුවම් ලබා ඇති අතර ඒ් නිසාම කෙන්යානු රාජ්‍ය අනුග්‍රහය ඇතිව මේ තහනම් උථ්තේජන ලබා ගැනීම සිඳු වේද යන්න පිළිබඳව සැකයක්ද ක්‍රීඩා ලෝකය තුළ හටගෙන තිබිණ.
අඛණ්ඩව මලල ක්‍රීඩාව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් පවත්වාගෙන යන ක්‍රියාකාරී කමිටුව, කෙන්යානු රජයේ ක්‍රීඩා විෂය භාර අමාත්‍යංශය වන යෞවන කටයුතු,ක්‍රීඩා සහ කලා අමාත්‍යංශය සමඟ මේ ගැන සාකච්ඡා කිරීමට ඉදිරිපත් විය.එහිදී රජය පූර්ණ වශයෙන් ඒම ක්‍රියාව මැඩලීමට මැදිහත්වීමට ඒකඟවීමත් සමඟ රාජ්‍ය මට්ටමෙන් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක මුදලක් වෙන් කරන්නට ද කෙන්යානු රජය පියවර ගන්නා බවට පොරොන්දු වී ඇත.
අපි පැස්බරෙක් මෙන් හිස වැල්ලේ ගසා ගන්නේ නැහැ.හිස කෙළින් තබා ගෙන ප්‍රශ්ණයට මුහුණ දෙනවා “මෙම භයානක සංඛ්‍යාලේඛනවලින් ගැලවෙන්න අපි අභියෝගය භාර ගත්තා.
කෙන්යාව මේ ප්‍රශ්ණයට මුහුණ දෙන්න සහ එයින් මිදීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ එරට කරන ලද සංචාරයේදී කෙන්යාවට ස්තූතිය ප්‍රකාශ කර තිබෙනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තහනම් උත්තේජක භාවිතය තුරන් කිරීමේ අපගේ සැලැස්ම සහ අභිප්‍රාය පිළිබඳව කෙන්යානු රජය ඇහුම්කන් දීම ගැන මම ඔවුන්ට විශේෂ කොට සළකා ස්තූතිවන්ත වෙමි.
කෝ එහිදි පැවසීය. කෙන්යාව මේ අනතුර වටහා නොගතහොත් ඔවුන්ගේ රටට කීර්තිය ගෙන ආ හැකි බොහෝ පිරිස් රටට පමණක් නොව ක්‍රීඩාවටද අහිමි විය හැකි බව තේරුම් ගෙන කටයුතු කරන බව මධ්‍යස්ථ ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.
හිටපු බොස්ටන් මැරතන් ජයග්‍රාහකයන් වන ඩයනා කිපියෝකී සහ ලෝරන්ස් චෙරෝනෝ වැන්නන්ද දැනටමත් සිටින්නේ තහනම් ගොඩේ.ඔවු්න්ට ඒක විශාල ප්‍රශ්නයක් වෙන්න ඉස්සර අවබෝධයෙන් සහ අධිශ්ඨානයෙන් ද,සත්‍යයට මුහුණ දීමට නිරහංකාර වෙමින් ද එම උවදුරෙන් මිදීමට ඉදිරිපත් වී ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තාවල යටින් දිවෙන්නේ රුසියාවට මෙම චෝදනාව එල්ල වූ අවස්ථාවේ හැසිරුණ උඩඟු ආකාරය සම්බන්ධ සියුම් විවේචනයක් ද විය හැකියි.දැනට තහනමට ලකු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 95 ක් රුසියාවේ සිටින අතර,ඉන්දියාවේ එම ගණන 65 ක් වෙනවා.කෙන්යාවේ 54 දෙනෙක් සිටින අතර එම ලේඛනයේ තෙවන තැන ඔවුන්ට හිමි වෙනවා.
මේ සමඟ දැක්වෙන්නේ සෙබස්තියන් කෝ සහ කෙන්යානු බලධාරීන් අතර පැවති සාකච්ඡාවේ ඡායාරූපයකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan