විස්සයි විස්සේදී නොදුටු ඉන්දියානු විශිෂ්ඨයෝ එක් දින පිටියට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමුවැන්න අද ගුවහාති හී දි ආරම්භවීමට නියමිතයි.මෙම තරගාවලිය සඳහා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා නොකළ ඉන්දියානු නිත්‍ය නායක රෝහිත් ෂර්මා,විරාට් කෝලි සහ කේඑල් රාහුල් ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙ තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ටින් බුම්රාගේ නම ද දකින්නට ලැබුණත් ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ ඔහු මේ තරගාවලියට ද එක් නොවනු ඇති බවයි.එසේ වුවහොත් බොහෝ විට එම ස්ථානය සඳහා මොහොමඩ් සිරාජ්,අර්ශදීප් සිං සහ උම්රාන් මලික් අතර තරගයක් ඇති වනු ඇති බව සිතිය හැකියි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ එක්දින ඉතිහාසය ගත් විට තරග 57 ක් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිකර දෙමින් අවසන් වී ඇති බව දකින්නට තිබෙනවා.ඉන්දියාව තරග 93 ක් ජයගෙන තිබෙනවා.ජය පාජයට අමතරව ප්‍රතිපලයක් නොමැතිව නිමා වූ එක තරගයක් මෙන්ම ලකුණු සම වූ විශේෂ තරගයක්ද ඒ ඉතිහාසයට ඇතුළත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස තරගාවලියේ නොදුටු වේග පන්දු යවන්නෙක්ව කණ්ඩායමට කැඳවීමට යම් ඉඩක් තිබෙනවා.අවසාන විස්සයි විස්ස තරගයට කැඳ වූ අව්ශ්ක ප්‍රනාන්දුට හෝ ඒ වෙනුවට නුවනිඳු ප්‍රනාන්දුට හෝ අශේන් බණ්ඩාරට කණ්ඩායමේ ඉඩ සකස් විය හැකියි.ඒ හා=ැරෙන්නට විශාල වෙනස්කමක් අපේක්ෂා කරන්නට නොහැකි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ගෙන් සකස් විය හැකි බව සිතිය හැකියි.
අද ගුවහාතිවලින් ඇරඹෙන තරගාවලියේ දෙවන තරගය 12 වන දා සුප්‍රකට ඒඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිතයි.15 වන දා තෙවන තරගය පැවත්වෙන්නේ රාජ්කොට් හී දී යි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : තායිලන්ත උප...

විජයදාසගේ පුත්‍ රකිතගේ බැංකු ගිණුම් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : හිටපු අධිකරණ අමාත්‍ය...

විශ්ව විද්‍යාල ආචාර්යවරු හෙට වැඩ වැරුමක!

කොළඹ LNW:ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (30) දිනයේ...