උපාධිධාරී ගුරු පුරප්පාඩුවට විසඳුමක්

Date:

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින් පත්වීම් ලබා දී ගුරු ඩිප්ලෝමාව ලබාගත් පසු ඔවුන් ස්ථිර කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වයස් සීමාව පිළිබඳ තීරණය රාජ්‍ය සේවා කොමිසම විසින් දැනුම් දී ඇත.

ඒ අනුව නිවේදන නිකුත් කරනු ඇති බවත් ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගන්නා නිශ්චිත වයස් සීමාව ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් ව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

එමනිසා ගුරු සේවා ව්‍යවස්ථාව හා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත උපාධිධාරී ගුරුවරුන් බඳවා ගනු ඇත.

පළාත් මට්ටමින් පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාව පළාත් බලධාරීන්ට ඇති බව ද නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇති අතර අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද සිටියි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...