එන්නත නිසා නොවැක්ට වැසුණු දොර දැන් කොවිඩ්වලටත් ඇරෙයි

Date:

කොවිඩ් 19 වෛරසයේ බලපෑම අවම කිරීම සඳහා භාවිතා කරන එන්නත් ප්‍රතික්ෂේප කළ නිසා එන්නත්කරණයෙන් තොර වූ බැවින් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අහිමි කරමින් ඕස්ට්‍රේලියාවෙන් පිටමං කළ නොවැක් ජොකොවික් එවකට මහත් ආන්දෝලනයක් ඇති කළේය.2020 දී පමණ ලෝක ටෙනිස් සූරයාව සිටි සර්බියාවේ නොවැක් ජොකොවික්ට මෙම ඉරණමට මුහුණ දෙන්නට සිදු විය.එහිදී සිඳු වූ ජොකොවික්ගේ පසුබෑම යම් මට්ටමකට ඔහුගේ ටෙනිස් ජීවිතයටම අදාළ වූ අතර අද ජොකොවික් සිටින්නේ ලොව පස්වැන්නා ලෙස ය.
නමුත් මෙවර ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදී එන්නත් භාවිතය පරික්ෂාව පමණක් නොව සහභාගීත්වයේදී කොවිඩ් වැළඳ තිබීම ද ගැටළුවක් නොවන තත්ත්වයට පත්ව ඇත.එය තරගාවලිය සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශවලින්ම දක්වා ඇත.
තරගාවලි අධ්‍යක්ෂ ක්‍රේග් ටයිලි පවසන්නේ මේ මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ක්‍රීඩා උළෙලට සහභාගී වන ටෙනිස් ක්‍රීඩකයින්ට කොවිඩ් -19 පරීක්ෂණය ධනාත්මක වුව ද සහභාගීත්වයට එය ගැටළුවක් නොවන බවය. තරඟාවලියට තරඟ කිරීම සඳහා ඕස්ට්‍රේලියානු විවෘත ක්‍රීඩකයින්ට කොවිඩ්-19 පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නොවන බව ද ටයිලි පවසා ඇත.
නමුත් ටයිලි පවසන්නේ යම් අසනීප තත්ත්වයක් හේතුවෙන් අපහසුතා දැනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය නවාතැනේම විවේකීව රැඳෙන සිටයි.ඔහු මේ කරුණ තරගාවලියේ රාජකාරි සඳහා යොදවා තිබෙන 12000 ක සේවක මණ්ඩලයට ද අදාළ ව පවසා ඇත.
ඕස්ට්‍රේලියානු ප්‍රජාව තුළ සිදුවෙමින් පවතින ආකල්පමය වෙනසට අනුව සිදුව ඇති ප්‍රතිපත්තිමය කරුණු ගැන අවධානයෙන් මෙම තීරණයට පිවිස ඇති ඔස්ට්‍රේලියානු විවාත ටෙනිස් තරග සංවිධායක කමිටුව, තමන් ද ක්‍රිකට් වැනි ක්‍රීඩාවන් හා සමානවම තමන්ද හැසිරෙන බව ප්‍රකාශ කර ඇත.
තරගාවලිය ජනවාරි 16 වන දා සිට ජනවාරි 28 වන දා දක්වා පැවත්වෙයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...