මහනුවර තවමත් මහ ඉහළින්

Date:

නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක නිපොන් ජාතික රගර් ලීග් සූරතාවලියේ තරග හතර බැඟින් කණ්ඩායම් නිමා කර අවසන් වෙද්දීත් ඉකුත් වසරේ සූරයන් වන මහනුවර ඉහළින් වැජඹෙමින් අපරාජිතව සිටියි.මේ වන විට සිටින එකම අපරාජිත කණ්ඩායම වන මහනුවර කණ්ඩායම සිය සිව්වන තරගයේදී අනපේක්ෂිත අභිවෝගයකට ලක් වුව ද තරගය අවසාන වන විට ජයග්‍රහණය සහතික කර ගන්නට සමත් විය.
තරගාවලියේ තරග තුනක් නිමාවන විට එකඳු ජයග්‍රහණයක්වත් නොමැතිව සිටි කණ්ඩායම වූ පොලීසීය ද සිය හතරවෙනි තරගය නිමා කරේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ය.ඔවුන් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ජය ගැනීමත් සමඟ ජයග්‍රහණයක් හිමි කණ්ඩායමක් බවට පත් වුව ද,තවමත් ලකුණු සටහනේ ඔවුන්ට හිමි වී ඇත්තේ අවසාන ස්ථානය ය.
මේ සමඟ දැක්වෙන්නේ මේ වන විට නිපොන් ජාතික රගර් ලීග් තරගාවලියේ ලකුණු සටහනය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...