INS DELHI යුධ නෞකාව හදිසියේම ලංකාවට!

අද (15) උදෑසන ත්‍රිකුණාමලය වරායට ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS DELHI” යුද නෞකාව නිල සංචාරයක් සඳහා පැමිණ තිබේ. නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීම සිදු කළ බව සඳහන්.

මෙය Destroyer වර්ගයේ යුද නෞකාවක් වන අතර “INS DELHI” දිගින් මීටර් 163.2 ක් හා නැව් මුළුව 390කගෙන් සමත්විත වේ. එහි අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු කරන්නේ කපිතාන් ෂිරාස් හුසේන් අසාද් ය.

“INS DELHI”නෞකාවේ අණදෙන නිලධාරී සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර අතර නිල හමුවක් හෙට (16) දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදුකිරීමට නියමිතය.

මෙම නෞකාව දිවයිනේ රැඳීසිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය හා දැනුම වර්ධනය කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගිවීමට මෙන්ම, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දර්ශනීය ස්ථාන නැරඹීමට ද නියමිත බව සඳහන්.

මෙරට නාවික හමුදා පුද්ගලයන් නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ පුහුණු නිරීක්ෂණ සංචාරයකද නිරතවීමට නියමිතව ඇති බව නාවික හමුදාව නිවේදනය කරයි. “INS DELHI” සිය නිල සංචාරය අවසන්කොට ජනවාරි 17 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවකට මඟ පෑදූ මිනසෝටා ජාවාරම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ඩො. මි. 44ක...