පිරිමි ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Date:

වලස්මුල්ල ප්‍රදේශයේ ගල්වල නමැති ස්ථානයෙහි දිය නාමින් සිටි පිරිමි ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්වූ පොලිස් සැරයන්වරයකු අද (16) අලුයම වලස්මුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකි.

සැකකාර පොලිස් නිලධාරියා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙහි පුහුණුවකට ගොස් සිටින අතර සති අන්ත නිවාඩුව සඳහා ගමට පැමිණ සිටියදී ඊයේ සවස මෙසේ දිය නාමින් සිටි පිරිමි ළමුන් දෙදෙනාට ලිංගික අතවර කර ඇති බවට වලස්මුල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත්වූ 16 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...