*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

ධන ලකුණක් වැටුණ පරාජයක්

ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය වන අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශය සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 10 න් පරාජය වෙන්නට සිඳු වුණා.එහි විවරනයකට ප්‍රථම වැදගත් වන්නේ එම තරගයට පෙරාතුව අප කී දේ සළකා බැලීමයි.ඒ, ඒවා බොහොමයක් ඉටුවීම සහ ඉටු නොවීම විශිෂ්ඨ තරගයක් දී ජය්‍රහණයෙන් මෙපිට නැවතීමට බල පෑ නිසයි
(පූර්ව විචාරය – https://sinhala.lankanewsweb.net/01/16/40781/)

ඒ සටහන ඇසුරෙන්ම ගත් විට අප ප්‍රධාන වශයෙන් දෙව්මි විහංගා ගේ ප්‍රහාරාත්මක පිතිකරණයේ අවශ්‍යයතාවය ජයග්‍රහණයට අවශ්‍යය බව පෙන්වා දුන්නා.එසේම ඇය සහ විදුශිකා පෙරේරා තරගාවලියේ මෙතෙක් දුර කරගෙන ආ පන්දු යැවීමේ පීඩනය අනික් පන්දු යවන්නන් විසින් ද ලබා දිය යුතු බව පෙන්වා දුන්නා.නමුත් බංගලාදේශයට එවැනි පීඩනයක් දැණුනේ නැහැ.විදුශිකා පන්දු ඕවර් 4 ලකුණු 20 ට සීමා කර ගත්තා.දෙව්මි ලකුණු 28 යි.බංගලාදේශයෙන් කඩුල්ලක් උදුරා ගන්නට සමත් වූ එකම පන්දු යවන්නිය වූ රශ්මි නේත්‍රාංජලී එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 30 ක් ලබා දුන්නා.
මුලින් පන්දුවට පහර දුන් බංගලාදේශයට මේ පන්දු යැවීමේ පීඩනය නොදැණුන නිසා ලකුණු 165 ක් කරා යන්නට පුළුවන් වුණා.ඒ කඩුලු දෙකකට.අර්ධ ශතක දෙකක් වාර්තා වුණා.අෆියා ප්රොට්ටාශා ලකුණු 53 ක් ලබා ගත්තෙ පන්දු 43 ට.අන්තිම මොහොතේ ගිණි කෙළි සංදර්ශණයක් පවත්වපු ශොර්නා අක්තාර් පන්දු 28 දි නොදැවී ලබා ගත් වේගවත් අර්ධ ශතකය තමයි ශ්‍රී ලංකාවට විශාල බරක් එකතු කරේ.
එම ඉණිමේ දී පළමු කඩුල්ලට අෆියා සහ මිස්ටි ෂාහා ලකුණු 75 ක් එකතු කරනවා.අනතුරුවා ඩිලාරා අක්තාර් සහ ශොර්නා අක්තාර් තෙවන කඩුල්ලට නොබිදි ලකුණු 86 ක් එකතු කරනවා.පන්දු 51 දී පැමිණි එම ලකුණු 86 අවම කර ගන්නට හැකියාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තිබිණි නම් තරගයේ අවසාන තීරණය ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ බව ලියැවෙන්න තිබුණා.
පිළිතුරු ඉණිමේදි මුල් අංක පහ දරණ පිතිකරුවන්ගේ දායකත්වය අත්‍යවශ්‍යය බව අප සඳහන් කරා.නමුත් ආරම්භයම යහපත් වුණේ නැහැ.දක්ෂ පිතිකාරිණියක වන නෙත්මි සේනාරත්න වෙනුවට එතැනට ජාත්‍යන්තර අත්දැකීම් සහිත ආරම්භක පිතිකාරිණියක වන විශ්මිව රැඟෙන ඒමේ වැදගත්කමත් අප පෙන්වා දුන්නා.සිඳු නොවුණේ එයයි.නෙත්මි පන්දු 4 ට මුහුණ දී ලකුණු නැතුව ක්‍රීඩාගාරයට පිවිසියා.සුමුදු නිසංසලා පන්දු 8 ට මුහුණ දී ලකුණු 3 ට දැවී ගියා.නිසංසලා දැවී යන විට ලකුණු පූවරුව 24 ක් වූ අතර එතැන් පටන් ලකුණුවලට ඉවසීමත් සමඟ පැමිණීම අනිවාර්ය බව පැවසූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරිකාව දෙව්මි විහංගා පැමිණ පිටිය සිසාරා පහර එල්ල කරමින් අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියක පළමු අර්ධ ශතකය වාර්තා කර ශ්‍රී ලාංකේය පිතිකාරිණිය වෙමින් අගණා ලකුණු 55 ක් එකතු කළා.ඒ පන්දු 43 ට මුහුණ දෙමින්.දෙව්මි සහ විශ්මි අතර සබඳතාවය ලකුණු 96 ක් වුණා.
ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතර හොඳින් ලකුණු අතර සිටින්නියක වූ 15 හැවිරිදි මනුදි නානායක්කාරට තැන්පත් වී ලකුණු ලබන්නට ඉඩක් තිබුණේ නැති අතර ඇයට පන්දු 7 ක් තුළ ලකුණු 3 ක් ලැබ දුවද්දී දැවී යන්නට සිඳු වුණා.නමුත් විශ්මි සහ පිටියට පැමිණි දුලංගා දිසානායක අන්තිම පන්දු 5 ට ලකුණු 15 ක් එකතු කරනු ලැබුවා.දුලංගා පන්දු 3 ට හතරෙ පහර තුනක් එල්ල කරමින් ලකුණු 12 ක් එකතු කරා.
අප තරගයට පෙර සටහනෙන් යෝජනා කළ පරිදි නෙත්මි පන්දුවට පහර දීමට මනුදි සිටිය කැනට පැමිණියානම් බොහෝ විට ඊයේ තරගය වෙනස් වන්නට තිබුණා.කෙසේ වුව ඕස්ට්‍රේලියානු තරගයට දුලංගා දිසානායක හෝ විහාරා සෙව්වන්දි ආරම්භක පන්දු යැවීම සඳහා කැඳවිය හැකිනම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තව දුරටත් පාලනය කර ගන්නට ඉඩ තිබුණා.තරගාවලියේ දත්ත සටහන පිරික්සද්දි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකාව සිටියත් ඉතාම සුළු වැරදි එකකින් දෙකකින් පරාජය වීමට ඇති ඉඩ තේරුම් අරගෙන ක්‍රියාත්මක කිරිම වැදගත්.විශේෂයෙන් ලොව සිටිය හොඳම දඟ පන්දු යවන්නියක් වන ශෂිකලා සිරිවර්ධනගේ පන්දු යැවීමේ හැකියාව වඩාත් හොඳින් ප්‍රයෝජනයට ගෙන පමෝධා ශහිනි ට විශාල ප්‍රහාරයක් එල්ලවීම වැළක්වීමට දඟ පන්දු යවන්නියන් තරගයේ ආරම්භයට සහ අවසාන පන්දු වාර කිහිපයට යොදා ගැනීමට උත්සාහ කරන්නේනම් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියා පිතිකරණය පහසුවෙන් පාලනය කරන්නට ලැබෙනු ඇති.හැබැයි කිසිවිටෙක තමන් කඩුලු හතකින් පරාජය කළ ඇමෙරිකානු කණ්ඩායම කඩුලු නවයකින් පරාජය කරන්නට සමත් වූ පන්දු බල ඇණියක් ඕස්ට්‍රේලියාවට සිටින බව අමතක නොකළ යුතුයි.එසේම එය පීඩනයක් නොව අවධානය යොමු කළ යුතු,පාලනය කළ හැකි බලවේගයක් බව ද සිහි තබා ගත යුතුයි.
ඊයේ වැදගත්ම දේ ඉන්දියාව ගැන ලෝකයම ඉහළින් කතා කරද්දී ඔවුන්ට එරෙහිව ජයගත් බංගලාදේශය ඉදිරියේ ජයග්‍රහණයට තමන්ට ද හැකියාවක් තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ගොඩ නැඟුණු විශ්වාසයයි.ඒ අනුව බංගලාදේශය පමණක් නොව සමස්ත තරගාවලියම ජය ගැනීමට හැකි බවට විශ්මි ගුණරත්න කියූ කතාව සම්ප්‍රදායික කියමනක් නොවී යථාර්තයක් කළ හැකි බවටත් දැන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුළ විශ්වාසයක් ඇති.එය ඕස්ට්‍රේලියාවෙන් නොනැවති ඉදිරියට යා යුතුයි.පුංචි කෙළි රෑනට ජයගත හැකියි.ඔවුන් දෙස වඩාත් උනන්දුවෙන් බැලිය යුතු මොහොත උදා වී තිබෙන බව කිව යුතුයි.පහතින් ඇත්තේ තරගයේ ලකුණු විස්තරයට පිවිසුම් මඟයි.
https://www.espncricinfo.com/series/icc-women-s-under-19-t20-world-cup-2022-23-1336137/bangladesh-women-under-19s-vs-sri-lanka-women-under-19s-10th-match-group-a-1336164/full-scorecard
ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ තරගය වූ ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපද තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඇමෙරිකාව කණ්ඩායම ලකුණු 64 ට සීමා කර එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී ජය ගන්නට ඕස්ට්‍රේලියාවට හැකි වුණා.දකුණු අප්‍රිකාව ස්කොට්ලන්තය පරාජයට පත් කළේ ලකුණු 44 කින්.
ඊයේ ඉන්දියාව සිය ජාත්‍යන්තර අත්දැකීම් ඇති ජාතික කණ්ඩායම නියෝජනය කරන ස්වේතා ෂර්වාත්,ෂෆාලි වර්මා සහ රිචා ගෝස් පිළිවෙලින් අංක 1,2 සහ 3 යන පිතිකරු අංක ලෙස යොදා ගත්තා.ඔවුන් තිදෙනා එකතු කරපු ප්‍රහාර වේගය නිසා පළමු වරට මෙම ලෝක කුසලානයේ කණ්ඩායමක් ලකුණු 200 ඉක්ම වූ අවස්ථාව වාර්තා කළා.පන්දු ඕවර් 20 දී ඔවුන් කඩුලු තුනක් දැවී ලකුණු 219ක් ලැබුවා.ස්වේතා -නොදැවී 74 (49),ෂෆාලි – 78 (34) සහ රිචා – 49 (29) දැක් වූ ප්‍රහාරය නිසා ඉන්දියාවට එවැනි ලකණු ප්‍රමාණයකට යාමට හැකි වුණා.පිළිතුරු ලෙස එමීර් රාජ්‍යය කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 5 ට ලකුණු 97 සීමාවේ රැඳ වූ ඉන්දියාව තරගය ලකුණු 122 න් ජය ගනු ලැබුවා.
පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා බංගලාදේශ තරගයේ විශේෂ අවස්ථා යි.
https://www.facebook.com/permalink.php?story_fbid=pfbid02x9r99SKEv5VmiLWXErp9MYiZAi6VMfiM6Faw41dje3YeunYiConPzoky631F7ZQAl&id=100789855872628

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan