ටිරාන්ගේ පක්ෂයට එකතු වුණු හේතුව අරගලයේ කෝණාර පැහැදිලි කරයි

Date:

අරගලයේදී දැක්වූ විරෝධය පාලකයා වෙනස් කිරීමෙන් අනතුරුවත් දිගින් දිගටම පවත්වාගෙන යාම නොව මේ මොහොතේ කළ යුතුව ඇත්තේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම වෙනුවෙන් සියලු පාර්ශ්ව කටයුතු කිරීම බව ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ ජනප්‍රිය යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අවිශ්ක විරාජ් කෝණාර පවසයි.

තමන් දේශපාලනයට අවතීරණ වීම සඳහා එක්සත් මහජන පක්ෂය තෝරාගත්තේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම සඳහා තමන්ගේම වැඩපිළිවෙලක් ඔස්සේ නිදහස්ව වැඩකිරීමට පක්ෂය ලබාදී ඇති අවස්ථාව නිසා බවයි ඔහු එහිදී සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම සඳහා තමන් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් ද ඔහු එහිදී මාධ්‍ය දැනුවත් කළේය.

එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් එක්සත් මහජන පක්ෂයෙන් මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවත් කෝණාර එහිදී ප්‍රකාශ කළේය.

අවිශ්ක විරාජ් කෝණාර මේ බව පැවසුවේ 2023 පළාත් පාලන මැතිවරණයට එක්සත් මහජන පක්ෂයේ සහභාගීත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුවට එක්සත් මහජන පක්ෂයේ ප්‍රචාරක ලේකම් චමින්ද ගුණසිංහ, මාෂි සේනානායක සහ චතුර රාජපක්ෂ යන අය එක්ව සිටියහ.

එක්සත් මහජන පක්ෂයේ මහලේකම්වරයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ය.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...