*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

ජාතික පාසල් ක්‍රීඩා තරගවලට පදක්කමක් දෙන්න බැරි රටක අසල්වාසියා ඔලිම්පික් සත්කාරකත්වයට සූදානම් වෙයි


මෙවර ශ්‍රී ලංකාවේ ජාතික පාසල් තරගාවලියේ ජයග්‍රාහකයින් පිටව ගියේ හිස් කරෙනි.සාමාන්‍යයෙන් ජයග්‍රාහකයාට පදක්කම් දීම අඩු කර වෙනත් අලංකාර උත්සව සහ අධ්‍යාපනයට සම්බන්ධ දේශපාලකයින් පොකුරු පිටින් කැඳවා සංග්‍රහ කිරීම් සුරක්ෂිත කිරීම එසේම පවත්වා ගෙන යමින් ක්‍රීඩාව සම්බන්ධයෙන් රජයේ සහ අධ්‍යාපනයේ උනන්දුව පැහැදිළි කර මාස කිහිපයකි.එවැනි උනන්දු සහගත රටක අසල්වැසියා වී සිටන ඉන්දියාව සිටින්නේ 2036 ඔලිම්පික් සිහින දකිමින්ය.
ඒ සඳහා කේන්ද්‍රීය ස්ථානය බවට පත් කර ගන්නට ඔවුන් උත්සාහ කරන්නේ අහමදාබාද් නගරය ය.ගුජරාට් ප්‍රාන්තයට අයත් ප්‍රධාන දිස්ත්‍රික්කය වන අහමදාබාද් හී අහමදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය එහි ප්‍රධාන ස්ථානය යි.

ඉන්දියාවට 2032 දී ඔලිම්පික් සූදානම ගැන බලාපොරෙත්තුවක් තිබුණ ද,එය ඉවත් කර ගත්තා.ඒ වෙනුවට ඔවුන් 2023 ජාත්‍යන්තර ඔලිම්පික් සැසිය මුමුබායි වෙත දිනා ගත්තා.එහදී තමයි 2030 සීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ඡන්ද විමසිම සිඳු කරන්නට නියමිත.මේ නිසා ලෝකයේ සියලු දෙනා එක තැනකට එන මොහොතක ඔවුන් තමන්ගේ 2036 ඔලිම්පික් සිහිනය ගැන කියන්නට කල්පනා කර තිබෙනවා.
වේගයෙන් දියුණුවන සහ ජාත්‍යන්තර වශයෙන් නගර සබඳතා ඇති අහමදාබාද් මේ වන විට සිය මෙට්රෝ දුම්රිය ධාවනය 2015 ආරම්භ කර බොහෝ දුරක් ඉදිරියට ගෙනවිත් තිබෙනවා.සංචාරක කර්මාන්තයට වැදගත් මෙන්ම ඉන්දීය සංස්කෘතියේ කලාවන් සම්බන්ධයෙන් ගත් විට සම්ප්‍රදායික වටිනාකම් ඉහළින් ඇති ගුජරාට් වේගයෙන් දියුණුව ලබන මිත්‍රශීලී ජීවන රටාවන් සහිත මිනිසුන් බහුල ප්‍රදේශයක්.එමෙන්ම අතීත විභූතිය පිළිබඳ පුරාවෘත්ත සහිත සිහිවටන වලින් පිරුණු ප්‍රදේශයක් හැටියටත් අහමදාබාද් හැඳින්විය හැකියි.
ජාතික ප්‍රවාහන පද්ධතියේ මර්මස්ථානයක් සේ ප්‍රධාන මාර්ග හා සබැඳෙන අහමදාබාද් ප්‍රවාහන පහසුකම් සහිත හොඳ පිවිසුම් මාර්ගවලින් යුතු ස්ථානයක්.සීප්ලේන් පහසුකම් ඇති සර්දාර් වල්ලබ්බායි ගුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ මෙන්ම අලුතින් ඊට යාබඳව තැනෙන දොලේරා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද වඩාත් පහසුකම් සහිත තැනක් බවට පත් කිරීමට සැළසුම් සැකසෙමින් තිබෙනවා.

රටේ පොදු සංවර්ධන ක්‍රියාවලිය ඇතුළේ,වඩාත් නිදහස් සාමකාමී පසුබිමක ලෝකය එක මිටට එක් කරන්නට හැකි බව කියන්නට සුදුසු පරිදි සැළසුම් දැනටත් ක්‍රියාත්මක සහ තව දුරටත් සැළසුම් කරමින් සිටින පොළවක් අහමදාබාද් හී සැකසෙමින් තිබෙනවා.ඒ අනුව මේ වසරේ ඔලිමිපික් සැසියට එන ලෝක ප්‍රජාව එසේ රසවත්ව,ක්‍රියාශීලීව ක්‍රීඩාව විඳින්න සහ කරන්න සුදුසුබිමක් සේ අහමදාබාද් සළකන්නට අවශ්‍යය පසුබිම මේ වන විටත් ඉන්දියාව ලෝකයට කිව හැකි මට්ටමට ගොඩ නඟා තිබෙනවා.
අපි ක්‍රීඩාව නොව කිසිඳු විෂයක ප්‍රමුඛතාවය ඒ විෂය පථයට නොදී එය පාලනය කරන දේශපාලකයාගේ ප්‍රතිබිම්බ පිමිබීමේ වෑයමට වැය කරමින් සිටින්නෙමු.ඒ මදි පාඩුකමට තව දුරටත් පළල කෙරෙන අමාත්‍ය මණ්ඩලයක් ගැන මිස ජනතාවට,ජනතාවගේ ආනන්දය සහ ප්‍රඥාව හේතුවන කාරණාවලට මුල් තැන දීමක් වාර්තා වන්නේ නැහැ.එසේ පවතින සංස්කෘතිය වෙනස්වන තුරු ලංකාවට ඔලිමිපික් තබා ඊට ආසන්න උත්සවයක් නොව සම්පූර්ණ ලෙස ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලක්වත් සංවිධානය කරන්නට ඉඩක් නැහැ.

ඇමතිවරුන්ට,ඒ හිතවතුන්ට,අමාත්‍යංශ ඉහළ නිලධාරීන්ට සත්කාර කිරීමේ අනිවාර්ය අංග ටික ඇතුළත් කළ පසු සහ ඒ අංගවලින් ඉහත කි පිරිස්වල හිතවතුන් පිනවීම ආරක්ෂා කළ පසු කුමන හෝ රාජ්‍ය උත්සවයක ඒ උත්සවයට අදාළ විෂයට වියදම් කරන්නට ඉතුරුවන සොච්චම නිසා කැපී යන්නේ ඒවායේ ආලෝකය සහ අභිමානය බව අපි දනිමු.ඉන්දියාවෙන් ණයට කෑම හැරෙන්නට ඉන්දියාවේ ප්‍රබෝධයේ ජාතිකත්ව හැඟීම ගැන නොසිතා ලෝකයෙන් උතුම් රට කියන වචන පෙළට,ජාතිය සහ ආගම අමුණා කැවුම් කන්න සූර ජනතාව අන්දන අපේ දේශපාලන කලාවට ක්‍රීඩාව අදාළවන්නේ තමන්ගේ බඩට පසුය.ලංකාවේද වඩම්මවා සිටින මැටි ගුලි අතර බහුතරයක් ඉන්දීය දෙවිවරුම ජීවමාන වන අතර ඉන්දියාව ක්‍රීඩාව වඩා විද්‍යාත්මක පර්යේෂණ සහිත සහ තාක්ෂණ මෙවලම් එක්ක තීරණ ගන්න තැනකට කැඳවා යමින් සිටියි.සමහර විට දවසක ඔවුන්ගේ දෙවිවරු සියල්ලෝම අපට ගෙන ඔවුන්ගෙන්ම ගන්න ණයෙන් ඔවුන් නඩත්තු කරමින් සිටින්නට වනු ඇත.
ජාත්‍යන්තර වෙන්න වචනයෙන්වත් හරි හැටි නොදන්න දේශපාලකයෝ ක්‍රීඩාවේ මැස්සෙක්ටවත් තමන්ට ඉහළින් පියඹන්න බැරි වෙන්න නීති පනත් සම්මත කර ගනිමින් වැඩ කරන හැටියට ඉදිරියේදී සමහර විට බොහෝ ක්‍රීඩාවන් බලන්නට මැස්සෙක්වත් ඉතුරු නොවන තත්ත්වයට රටේ ක්‍රීඩාව පිරිහෙන්නට හැකිය.
ඉන්දියාවේ අහමදාබාද් නුවරට 2036 ඔලිම්පික් ලැබේවා යන්න අපේ පැතුමය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan