සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේපාල් අමරසිංහ ජනවාරි 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, එම නඩුව අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබාගැනීමට ඉල්ලුම් කළ හැකි බවත් අධිකරණය එහිදී සඳහන් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සේපාල් අමරසිංහව අත් අඩංගුවට ගෙන තිබුණේ ජනවාරි 05 වනදා ය.
RN