රටට මුදල් ගෙනෙන කණ්ඩායම මෙන්න ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන්නේ මුදල් නැතිකම බවත් රටේ ජනතාව කල්පනා කළ යුත්තේ රටට මුදල් සහ විදේශ විනිමය ගෙන ආ හැකි කණ්ඩායම සිටින්නේ කොහෙද කියා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ පසුගියදා මහරගම සමගි ජනබලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේගයේ සිටින කණ්ඩායම හැකියාව, දක්ෂතාවය , කුසලතාවය පිරුණු කණ්ඩායමක් බව පැවසූ විපක්ෂ නායකවරයා, ඔවුන් සියලු දෙනා සමග එක්ව රට ගොඩනගන මෙහෙයුම ආරම්භ කරන බවද පැවසීය.

ඩොලර් හොයන ආකාරයත්, රට ගොඩ නඟන ආකාරයත්, විදේශ සම්බන්ධතා ශක්තිමත් කරන ආකාරයත් පිළිබඳව සැලසුමක් සහ වැඩපිළිවෙළක් සමගි ජන බලවේගයට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ පිළිබඳව සැකයක් ඇති කර නොගන්නා ලෙස ද ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය විපක්ෂයේ හිඳිමින් රටට දැවැන්ත වැඩ කොටසක් ඉටු කරමින් අගයක් එකතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා සක්වල සහ හුස්ම වැඩසටහන් හරහා කළ මෙහෙවර සුවිශේෂී බව ද බව ද සඳහන් කළේය.

රටෙහි පවත්නා අන්ධකාරය නිමා කොට රිදී රේඛාව නිර්මාණය කිරීමේ වගකීම සහ හැකියාව සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය ස්ථිර වශයෙන් ඉටුකරන බවද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...