අනීතිකව පුද්ගලයන් සිරගත කරන්න එපා. මේක ඒකාධිපති රටක් නොවෙයි – සජිත් (VIDEO)

රටේ බදු බර වැඩිකර විදුලි බිල වැඩි කර ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක මේ රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව සිරගත කිරීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටු වන බවත් සිරගත කර සිටින ආනන්ද පාලිත සහ සංජීව ධම්මිකට මේ රටේ අධිකරන පද්ධතිය විසින් සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) වැලිකඩ බන්ධනාගාරයේ දී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සිරගත කර සිටින වෘත්තීය සමිති නායකයන් දෙදෙනකු වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ය.

විදුලිබිල වැඩි කිරිම එරෙහිව, බලශක්ති ක්ෂේත්‍රයේ දූෂණයට එරෙහිව, වර්තමාන රජයේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් පෙනී සිටි බවත් ඔවුන් කිසිදු ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක නොකළ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති භාෂණයේ අයිතිය ක්‍රියාත්මක කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එසේ අනීතිකව පුද්ගලයන් සිරගත කිරිමට අප රට ඒකාධිපති හෝ ආඥාදායකත්වයක් සහිත රටක් නොවන බවත් ප්‍රජතන්ත්‍රවාදී රටක් බවත් ය.

එබැවින් මොවුන් දෙදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කිරීම උදෙසා ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එපමණක් නොව ඔවුන්ගේ නිදහස උදෙසා කළ හැකි නිදහස් නිවහල් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූල සටන් සියල්ලක්ම සිදු කිරිමට මූලිකත්වය ගන්නා බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...