එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ චෝදනාමත චීන ඉංජිනේරුවෙකුට වසර 8ක සිර දඬුවම්

Date:

එක්සත් ජනපදයේ ඉංජිනේරුවන් සහ විද්‍යාඥයින් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමේ චෝදනා මත චිකාගෝ හි හිටපු උපාධිධාරී ශිෂ්‍යයෙකු වන චීන ජාතික Ji Chaoqun හට එක්සත් ජනපදයේ අධිකරණය විසින් වසර අටක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

2013 දී Illinois Institute of Technology හි විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට එක්සත් ජනපදයට පැමිණි Ji Chaoqun 2018 වසරේදී එක්සත් ජනපද හමුදා රක්ෂිතයට ඇතුළත් වීම හේතුවෙන් මුල් වරට අත්අඩංගුවට ගැණිනි. ඉන් අනතුරුව පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ (MSS) නියෝජිතයෙකු ලෙස නීති විරෝධී ලෙස ක්‍රියා කිරීම සහ එක්සත් ජනපද හමුදාවට ද්‍රව්‍යමය අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වරදකරු කරනු බවට පත් විය.

මේ සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජනපද සමාගම් විසින් සංවර්ධනය කරන ලද දියුණු අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා තාක්‍ෂණයන්ට ප්‍රවේශය ලබා ගැනීමට චීන බුද්ධි අංශ දරන උත්සාහයේ කොටසක් වශයෙන් මෙම පුද්ගලයා හඳුනාගත් බවත් සිරගත කළ බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...