නිලන්ත ජයවර්ධනගේ විනය පරීක්ෂණය ගැන පොලිස් ඇමතිගේ සහතිකය!

Date:

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු විභාගයේදී සත් පුද්ගල විනිසුරු මඩුල්ල නියෝගයක් ලබා දී තිබුණේ නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ඒ අනුව අදාළ නියෝගය පරිදි මාස හයක කාලය තුළ එම විනය පරීක්ෂණය පවත්වා එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත භාර දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...