මෝදිගේ BBC චිත්‍රපටය විකාශනයට එරෙහිව පොලීසිය විශ්වවිද්‍යාලවලට කඩා වදියි.

Date:

2002 දී මාරාන්තික ගුජරාට් නිකායික කෝලාහල අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදිගේ භූමිකාව පිළිබඳ එක්සත් ජනපදය කරන ලද පර්යේෂණයක් අළලා BBC විසින් කරන ලද වාර්තා චිත්‍රපටය ප්‍රචාරය කිරීම මෙම සතිය මුලදී, ෆෙඩරල් රජය හදිසි බලතල භාවිතා කරමින් අවහිර කරන ලදි.

එමෙන්ම ඉන්දීය රජය විසින් Twitter සහ YouTube මඟින් ඊට අදාල සැබැඳි ඉවත් කර තිබියදී, මෙම අවහිරතාව නොසලකා දිල්ලි විශ්ව විද්‍යාලය හා ඉන්දියාවේ බොහෝ විශ්ව විද්‍යාලවල සිසුන් චිත්‍රපටය නැරඹීමට කටයුතු කර ඇත.

මෙම තහනම් චිත්‍රපටය නැරඹීම හේතුවෙන් පොලීසිය විසින් විශ්ව විද්‍යාල වලට කඩා පැන විරෝධය දක්වන ලද සිසුන් හට කඳුලු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් විශාල පිරිස් අත්අඩංගුවේ රඳවා තබාගෙන ඇත.

එමෙන්ම අගනුවර ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ බලධාරීන් විසින් ශිෂ්‍ය සංගමයක් විසින් වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබියදී අඟහරුවාදා මණ්ඩපයේ විදුලිය සහ අන්තර්ජාලය විසන්ධි කර තිබිණි. ඔවුන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ චිත්‍රපටය නැරඹීම විශ්වවිද්‍යාලයේ සාමයට බාධාවක් වියහැකි බවයි.


එමෙන්ම ඉන්දියාවේ දකුණේ හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් මෙම සතිය මුලදී තහනම් වාර්තා චිත්‍රපටය පෙන්වීමෙන් පසු පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. දකුණු දිග කේරළ ප්‍රාන්තයේ, ප්‍රතිවාදී දේශපාලන පක්ෂවලට සම්බන්ධ ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් තහනම නොතකා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් හේතුවෙන් මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) සහාය දක්වන ශිෂ්‍ය කණ්ඩායම් හා භාරතීය ජනතා පක්ෂ කම්කරුවන් උද්ඝෝෂණ අරඹා ඇත.

නමුත් සිසුන් සිය ලැප්ටොප් සහ ජංගම දුරකථන වලින් වාර්තා චිත්‍රපටය නරඹා ඇති අතර එය ටෙලිග්‍රාම් සහ වට්ස්ඇප් වැනි පණිවිඩ සේවා හරහා ඒවා බෙදාගෙන ඇත.

වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය ආන්ඩුව විසින් තහනම් කිරීම, මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රහාරයක් ලෙස විරුද්ධ පක්ෂ සහ අයිතිවාසිකම් කණ්ඩායම්වල විවේචනය කර ඇත.

හියුමන් රයිට්ස් වොච් පැවසුවේ වාර්තා චිත්‍රපටය තහනම් කිරීම මෝඩි රජය යටතේ සුළු ජාතීන්ට එරෙහි පුළුල් මර්දනයක් පිළිඹිබු කරන බවත්, විවේචන මුවා කිරීම සඳහා නිතර නිතර කුරිරු නීති ක්‍රියාත්මක කර ඇති බවත් ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...