*
Tuesday, May 13, 2025
spot_img

Latest Posts

මහ බැංකුවේ සියලු වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීමට පැනවූ අසාධාරණ බදු පිළිවෙතට එරෙහිව මහ බැංකුවේ සියලු වෘත්තීය සමිති මීළඟ අදියර ලෙස අද සිට නැවත දැනුම්දෙන තුරු අකුරට වැඩ කිරිම ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

පූර්ව දැනුම්දීමක් සහිතව සිදු කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව බොහෝ සේ කිපුණු මහ බැංකු අධිපතිවරයා සේවකයන්හට ලබාදී ඇති ශ්‍රී ලංගම බස් සේවාව නැවැත්වීමටත් උත්සව කාලසීමාවලදී ලබාදෙන දීමනා වැනි සුබසාධක දීමනා අත්හිටුවන බවට සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවා තර්ජනය කොට ඇති බවට තොරතුරු අනාවරණය වනවා.

මෙසේ ගර්ජනා කරන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය මාස කිහිපය පුරාවට දේශීය සංචාරවලට අමතරව විදේශීය සංචාර වලට සහභාගී වී අමෙරිකානු ඩොලර් 10,000 කට අධික මුදලක් කාබාසිනියා කර ඇති බවට වාර්තා වනවා. මෙසේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන මොහු විශ්‍රාම වැටුප් දෙකක් ලබාගෙන සිය මඩිය තර කර ගැනීමත් සිදු කරනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan