75 වන ජාතික නිදහස් සැමරුම් දිනය අදයි

Date:

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් දිනය අද(4) දිනට යෙදී තිබේ.

ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ වසර හාරසිය තිස් තුන් වසරක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. ඒ 1948 පෙබරවාරි 04 වෙනිදාය.

මෙවර නිදහස් දින සැමරුම් උළෙල අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ගාලු මුවදොර පිටිය ආශ්‍රිත භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ජාතික ධජය එසවීමත් ජාතික ගීය ගායනා කිරීමත් සමඟ නිදහස් දින උළෙලේ කටයතු ආරම්භ වන අතර,
නිදහස් දින සැමරුම් උළෙල හේතුවෙන් ගාලුමුවදොර හා ඒ අවට මාර්ග රැසක් වසා තැබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...