අපේ හිතවතුන්ටත් උපකුලපති තනතුරු දෙන්න – පොහොට්ටු මැති ඇමතිවරු ජනපතිගෙන් ඉල්ලයි !

Date:

වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර තම හිතවතෙකුට ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමුකර ඇති බව වාර්තා වේ.

මහාචාර්ය එච්. එම්. ඒ. හේරත් මහතා තමන් හොඳින් දන්නා හඳුනන අයෙකු බැවින් එම තනතුර ඒ මහතාට ලබාදෙන ලෙස ඉල්ලමින් පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය පහතින් දැක්වේ. එම ලිපිය බැලූ බැල්මටම පෙනී යන්නේ සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් ලංගමයේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු රැකියාවන් ලබාදීම සඳහා සිය ඡන්ද දායකයින්ට ලබාදෙන සාම්ප්‍රදායික ලිපි ආකෘතියටම මහාචාර්යවරයාගේ නමත් උපකුලපති තනතුරත් ඇතුළත් කර ඇති බවකි.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ප්‍රිය හේරත්, ඩී. වයි. ජී. රත්නසේකර, නාලක කෝට්ටෙගොඩ සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා යන මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන ආචාර්ය සංගමයේ කැඳවුම්කරු විසින් ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපි යොමුකර ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

පසුගිය ආණ්ඩු සමයේ තිබුණේ ”උස නම් සිකුරිටි – මිටි නම් කම්කරු” රැකියා දීම් ය. මේ ආණ්ඩුව යටතේ විශ්වවිද්‍යාල උපකුලපති තනතුරුත් ඒ මට්ටම වැටී ඇති බවක් පෙනේ. කාට කියන්නද අපෙ හාමුදුරුවනේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...