නිදහස් දා නිදහසේ පණිවුඩය –
ඩලස් අලහපෙරුම

Date:

නිදහස් දිනය යනු ලෝකයේ ඕනෑම ස්වෛරී රාජ්‍යය කට ජාතියකට අභිමානයෙන් සැමරිය හැකි දින දිනයක්. අප මාතෘ භූමියට ද එවැනි නිදහසක් ස්වෛරීත්වය හිමි වී වසර 75 ක් ගතවී වජ්‍ර ජයන්තිය උදා උදාවන දිනය අපි මේ සිටින්නේ.

නමුත් වර්තමානයේ අප ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දී සිටින අභියෝග හමුවේ නිදහස් දිනය වැනි ඉතාමත් දේශානුරාගී දේශාභිමානී දිනයක් උත්කර්ෂවත් කිරීම කෙතරම් ගෝචර ද යතානුරූපී ද යන අවංක ප්‍රශ්නය අප හැම දෙනාගෙම අභියස තිබෙනවා. සැබෑ නිදහස යනු පුරවැසියාගේ ජීවයට ස්වාධීනත්වයට සහ සතුට සොයා යාමට ඇති නිදහසයි. එවැනි නිදහසක් අපට වර්තමානයේ උරුම නැති බව ඔබත් මමත් අවිවාදයෙන් පිළිගත යුතු කරුණක්.

ලෝකයේ අනෙක් රටවල් දෙස බැලුවත් , ලෝක ඉතිහාසයේ සැලකුවත් ආර්ථිකය දුර්වල වූ හෝ බිඳ වැටුණු කිසිම රටකට හෝ රටක පුරවැසියෙකුට නාමමාත්‍රික මිසක සැබෑ නිදහසක් භුක්ති විඳීමේ වරම හිමි වීමත්, ඒ වගේම ආර්ථිකය වශයෙන් බිඳ වැටුණු රටක දේශපාලනික ස්ථායිතාවයක් ඇති වන්නේත් නැහැ. එම අවදානමට අප රටක් ලෙස සීඝ්‍රයෙන් ළං වෙමින් පවතින බව රහසක් නෙවෙයි. එම නිසා මෙම එළඹෙන නිදහස් වජ්‍ර ජයන්තිය හුදෙක් සංසන්දනාත්මකව සන්දර්ශනාත්මක ව සැමරීමට ලඝු නොකර නිදහසේ සැබෑ අරුත උරුමය වෙනුවෙන් ශ්‍රී ලාංකේය ජාතිය ලෙස අප විසින්ම අප තුළම කරගත යුතු තීරණාත්මක වෙනස්කම් ඇතිකර ගැනීමේ ආරම්භයක් කරගනිමු.

වසර හැත්තෑ හතරක් පුරා අප අසමත් වුව ද මේ හැත්ත පස් වන නිදහස් දින සංවත්සරයේ දී වත් අප එසේ කිරීමට අධිෂ්ඨානය කර ගතහොත් අපට අපගේ ජීවිත කාලය තුළ පමණක් නොව අපේ අනාගත දූ දරුවන් හට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ද මේ අසිරිමත් පින්බිමේ ජන්ම ලාභයෙන් උරුම නිදහස තිරසාර ලෙස අභියෝගයකින් තොරව භුක්ති විඳීමට හැකි වෙනවා ඒකාන්තයි !

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...