සමගි ජන බලවේගය නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කරයි !

Date:

හෙට (08) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා පසුගිය පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ කටයුතු ප්‍රමාද කිරීමේ අරමුණින් බවයි සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ.

එසේම රටේ ජනතාව දැවැන්ත ආර්ථික පීඩනයකට මුහුණ පා සිටියදී නව පාර්ලිමේන්තු සැසිවාරයක් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේ තීරණයට තමන්ට එකඟ විය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව රටේ ප්‍රධාන විපක්ෂය ලෙස මෙම උත්සවයට සහභාගී නොවීමට සමගි ජන බලවේගය දැනටමත් තීරණය කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...