දුමින්ද සිල්වාට පොදු සමාව දී නිදහස් කිරීමට ගත් තීරණය පිළිබඳ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ,භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට ගත් තීරණය, බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අතර ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය සිදුවිය.

අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් යන අය විසිනි.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දන්වමින් මරණීය දණ්ඩනය නියමව සිටි වග උත්තරකාර දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙන්වා දුන් අතර වග උත්තරකරුට පිරිනමන ලද සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් තිබෙන බවත් පවසා ඇත.

අනතුරුව සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් සිල්වා මහතා කරුණු දක්වමින් වරදකරු වූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කිරීමේදී නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවීම අවශ්‍ය වුවත් එම සිද්ධියේදී එවැනි වාර්තාවක් කැඳවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව පෙන්වා දී ඇත. පසුව වැඩිදුර විභාගය මාර්තු මස 20, 23 සහ 28 යන දින තෙක් කල් තබා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...

කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි...