ඉදිකිරීම් සියල්ල නැවතිලා – ඉංජිනේරුවන් හකුරු විකුණනවා කොන්ත්‍රාත්කරුවන් බුලත්විට විකුණනවා (VIDEO)

මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් පාහේ කඩා වැටී අතර එම කර්මාන්තයේ නියලී සිටි පිරිස් වෙත යළිත් එම කටයුතු ආරම්භ කිරීම සඳහා යම් සහනයක් රජය විසින් ලබාදිය යුතුව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා අවධාරණය කරයි.

ආර්ථිකය කඩා වැටි ඇති මොහොතක දේශපාලකයෝ විජ්ජා පෙන්වා පලක් නැති බවයි ඔහු සඳහන් කරන්නේ.

බදු මත බදු පටවමින් ආදායම් මාර්ග අහුරා ඇති තත්ත්වයක මිනිසුන් නැගිටින්නේ කෙසේද යන්න පිළිබඳ ඔහු ප්‍රශ්න කර සිටියි.

ඉංජිනේරුවන් හකුරු විකුණන තත්ත්වයට මෙන්ම කොන්ත්‍රාත්කරුවන් බුලත්විට විකුණන තැනට පත්ව සිටින බව ලියනාරච්චි මහතා ප්‍රකාශ කර සිටියි.

”ආණ්ඩුවට අපි කියන්නේ ණය ගැනීම සඳහා ලෝකයේ රටවල් විවෘත නැත්නම් රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඔබ කටයුතු කරන්න. ඔබලාගේ වියදම් අඩුකරගන්න. වියදම් අඩුකරලා මේ කටයුත්ත කරන්න පුළුවන්. මිලියන 22ක් ඉන්න ජනතාවගෙන් පාසල් ළමුන් ලක්ෂ 45 ඇරුණාම හැම මනුස්සයෙක්ම විදේශ ගත වෙනවා. මෙහෙම විදේශ ගත වුණාම තවදුරටත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඒ නිසා හිතල මතල වැඩකරලා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයෝන්ට සිංහල අවුරුද්දට පෙර සාධාරණයක් ඉටුකරන්න කියල ඉල්ලා සිටිනවා.” යනුවෙන් ලියනාරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...