දැවිතෙල් නෑ. අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් …

Date:

විදුලිය ජනනය සඳහා අවශ්‍ය දැවිතෙල් නොමැති වීම තුළ අඟහරුවාදා (25) දිනයේ සිට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

”සඳුදා අපේ උපරිම ඉල්ලුම සපයා ගැනීමේදී යම්කිසි ගැටලුවක්, ඒ කියන්නෙ මෙගාවොට් 50ක විතර හිඟයක් ඇතිවෙන්න පුළුවන්. ඒක විශාල වශයෙන් විදුලිය කපාහැරීමකට බලපාන්නෙ නෑ. හැබැයි ඔය කතන්දරේ අඟහරුවාදාට වෙනසක් වෙනවා. මොකද, අර වරායේ තියෙන බාර්ජ් එක සහ උතුරු ජනනී – බාර්ජ් එකේ මෙගාවොට් 60ක් තියෙනවා උතුරු ජනනී මෙගාවොට් 23ක් තියෙනවා, එතකොට අර 100ත් එක්ක අඟහරුවාදා වෙනකොට අපට 163ක් තාප බලාගාරවල අපේ ධාරිතාව නැතුව යනවා. ඒ තත්වය යටතේ අපට උපරිම ඉල්ලුම සපයා ගැනීම අනිවාර්යයෙන්ම ගැටලුවක් වෙනවා. ඒ කියන්නෙ ඒ වෙනකොට අපට දැවිතෙල් ලැබුණෙ නැත්නම්”

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...