පැය අටක් අඳුරේ ඉන්න සූදානම් වෙන්න – මයන්ත දිසානායක

Date:

විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම අඛණ්ඩ ලෙස පහත වැටීමත් සමග දෛනිකව සැළකිය යුතු කාලසීමාවක් විදුලිය බිඳවැටිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. ඇතැම් විට දිනකට පැය 08 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම සඳහා සහභාගි වූ අවස්ථාවේදී  මාධ්‍ය අමතමින් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

පොරොන්දු රැසක් ලබාදෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ඒ පොරොන්දු කිසිවක් ඉටු කිරීමට සමත්ව නොමැති බවත් ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් රටේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් මයන්ත දිසානායක මහතා පවසනවා.

ජනතා බලාපොරොත්තු ඉටු කිරීම පසෙක තිබියදී ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට උත්සාහ දරමින් සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ පවතින ව්‍යවස්ථාව අනුව එවැනි දෙයක් සිදුකළ නොහැකි බවයි. ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවත්, ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට රටේ ජනතාව සූදානම්ව සිටින බවත් මයන්ත දිසානායක මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...

කෙහෙළිය, බිරිද සහ දියණිය අත්අඩංගුවට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව...

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...