විදුලි බිල වැඩිකරන්න PUCSL දුන් අනුමැතියේ නීත්‍යානුකූල බවක් නැද්ද?

Date:

කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබුණු 66%ක විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසමෙන් ලැබී ඇති අනුමැතියේ නීත්‍යානුකූල බව පිළිබඳ ප්‍රශ්න සහගත තත්ත්වයක් මතුව තිබෙන බව විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කරන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදෙස් ගත වී ඇති මොහොතක කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් ඊට අනුමැතිය ලබා දී ආවරණ ලිපියක් පමණක් විදුලි බල මණ්ඩලයට යොමුකර තිබෙන බවයි.

සාමාන්‍යයෙන් මෙවැනි අය ක්‍රමයක් සංශෝධනය කරන විට එය දැනුම් දෙනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී විසින් බව වීරරත්න මහතා සඳහන් කරයි.

එමෙන්ම මෙලෙස අය ක්‍රමයේ සංශෝධනයක් ඉදිරිපත් කරන විට ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ද මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් විය යුතු වුවත් එයද ඉදිරිපත් කර නොමැති බවයි ඔහු පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...