සුජිත් රත්නායකගෙ නැට්‍රෝන් විල

Date:

මාර උද්දාමයකින් නෙවේ මේක ලියන්නෙ. කනට ගැහුවා වගේ baltimora ඒ බව කෙලින්ම කියන්නෙ කනට ගැහුවා වගේ දෙයක් ගැන ලියන්ඩ යන නිසයි. පහුගිය දවසක කොළඹ ලයනල් වෙන්ට්ඩ්  ආර්ට් ගැලරියේ තිබ්බා යම් වැඩක්. ඒක එක්සිබිෂන් එකක්. ‘අර්බුදය සහ අරගලය’ එක්සිබිට් එකක් විදියට වෙන්ට්ඩ් ආර්ට් ගැලරියට ඇවිත් තිබුණා. සුජිත් රත්නායක ලංකාවෙ චිත්‍ර කලාවෙ පවර්ෆුල් හයිලයිටඩ් ෆිගර් එකක්. මේ වැඩේ සුජිත්ගෙ. 

සුජිත්, අයිකන් එකක් වුණේ ගෝල්ෆේස් අරගල භූමියේ කරක් ගහන්න කලින් වුණත් මිනිස්සු බහුතරයක් ආර්ටිස්ට් කෙනෙක් විදියට සුජිත්ව දැන ගන්නෙ අරගලයෙන්. ඇත්තටම අතිශය සාමාන්‍ය මනුස්සයා චිත්‍ර ශිල්පියෙක්ව අදුර ගත්තෙ සුජිත්ගෙන් කියල හිතන්නත් පුළුවන් . අරගල බිම ඇතුළෙ සුජිත්ගෙ භූමිකාව වෙනම කතා කරන්න ඕන දෙයක්. සැඩ කුණාටුවක් මැද්දෙ පින්සලකුයි කැන්වස් එකකුයි අතින් අරගෙන ඉද්ද ගහපු හීයක් වගේ නොහෙල්ලී  හිටපු හීන්දෑරි සුජිත් කියන ආර්ටිස්‍ට්ව baltimoraට දැනුත් පේනවා. අන්න ඒ මනුස්සයා ලයනල් වෙන්ට්ඩ් එකට ‘අර්බුදය සහ අරගලය’ කියන එක්සිබිෂන් එක ගේනව. 

එක්තරා විදියකට ගෝල්ෆේස් අරගලයෙන් සුජිත්ට ඉතුරු වෙච්ච සහ සුජිත් විසින් අපිට බලන්ඩ ඉතුරු කරපු සීරියස් නෂ්ටාවශේෂ වගයක් එතන තිබුණා. මේකෙ ඇතුළෙ දකින්න තිබුණ ඒව කිසි ලෙසකින්වත් සොෆ්ට් නැහැ. ඇහැට වගේම පපුවට දරුණු පහරවල් එල්ල කරන යකඩ ගුලි වගෙ නිර්මාණ ඒවා. තමන්ගෙ සෝල් එක සුජිත් එක්සිබිෂන් එකේ ඇබ්සර්ඩ් විදියට අරගෙන තියෙනවා. පොලිස් ජීප් දොර, හිරගෙදර දොර කියන්නෙ රියලිස්ටික් නිර්මාණ. සුජිත්ගෙ ඇතුළාන්තයේ කැකෑරෙන වේදනාව , තවමත් නොවිසිඳුණු මේ සෝෂල් ට්‍රැජිඩිය  සෝෂල් ඩිසෝඩර් එකක් වෙලා තියෙන විදිය ඒ ආර්ට් අස්සෙ තියෙනවා. භයංකාර ගුහාගත රිදීමක් ඒක. සුජිත් මේකට ලස්සන වචනයක් කියනවා. මේ වැඩේ එයා ඉන්ට්‍රඩියුස් කරන්නෙ ‘විශුවල් ආර්ට් ඇටෑක්’ එකක් විදියක. සිරාම ඉන්ට්‍රො එකක් ඒක. 

හරිම ඉන්ටෙන්සිව් විදියට මේ ආර්ට් බ්ලොක්ස් ටික ක්‍රියේට් කරලා තියෙනවා. ඒ ඉන්ඩීටේල් කිරීම ‘ආර්ට් ඇටෑක්’ එකක් ආව පොරකටම තමා කරන්ඩ පුළුවන් වෙන්නෙ. 

මේක ගෝල්ෆේස් අරගලයේ ට්‍රාන්සිෂන් එකක් කියලත් සුජිත් කියනවා. එනිවේ අර්බුදයේ සහ අරගලයේ  ට්‍රාන්සිෂන් එක එක්සිබිෂන් එකක් විදියට ගේන්ඩ සුජිත්ට සෑහෙන වියදමක් ගිය බවත් පේනවා. මේක ලංකාවෙ ආර්ටිස්ට් කෙනෙකුගෙ එක්සිබිෂන් එකක්!  සුජිත්ම කියන විදියට 2022 ගෝල්ෆේස් අරගලයේ ට්‍රාන්සිෂන් එකක් ඉන්ඩෝ කිරීමක්!

ටැන්සානියාවෙ තියෙනවා නැට්‍රෝන් කියලා විලක්. ඇසිඩ් තරමට ගිනි ගන්න වතුර. විලට බැහැල ඇටසැකිල්ල විතරක් ඉතුරු කරගත්ත සත්තු ඕන තරං ඒ විල අස්සෙන් හම්බෙලා තියෙනවා. සුජිත්ගෙ එක්සිබිෂන් එක ගේන්නෙ ඒ විලට බැස්ස වගේ ෆීල් එකක්. 

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් පාන්දරින්ම වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු...

සිස්ටම් චේන්ජ් කියන්නේ අධිකරණ තීන්දු දේශපාලන යූටියුබ්කරුවන් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීමද ? – සජිත් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක...

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...