කොවිඩ් පෙත්ත ගෙන්නන්න ආයතන 06 කට අවසර

Date:

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මොල්නුපිරවීර් ඖෂධය ආනයනය කිරීම සඳහා සමාගම් 06 කට අනුමැතිය ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා මේ බව අනාවරණය කළේය.

මේ අතර මෙම ඖෂධය මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහාද නිෂ්පාදකයෙකු ඉදිරිපත්ව තිබෙනවා. කෙසේ නමුත් මොල්නුපිරවීර් ඖෂධය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධයක් බැවින් හා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඵලදායී ඖෂධයක් ලෙස සහතික කර නොමැති බැවින් මෙරටදී නිෂ්පාදනය සඳහා අවසර ලබාදීමට තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ.

මෙම ඖෂධය මිල අධික බැවින් මේ අවස්ථාවේදී ඊට වියදම් දැරීමට නොහැකි වීමද මෙරටදී නිෂ්පාදනය නොකිරීමට තවත් හේතුවක් වී තිබේ.

මෙම ඖෂධය රජයේ මැදිහත්වීම හරහා ගෙන්වීමට තවමත් තීරණය කර නොමැති අතර පෞද්ගලික අංශය හරහා පමණක් ගෙන්වීමට තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...