වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් යෝජනාවක්

Date:

අක්වෙරළ ආර්ථික නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගන්නා ලෙසත්, වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ නීතිඥවරුන්ට යෝජනා කළේය.

අක්වෙරළ ආර්ථික නීතියක් සහිත මූල්‍ය මධ්‍යස්ථානය ලෙස නව වරාය නගරය සංවර්ධනය කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (25) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති කොළඹ රාජකීය විද්‍යාලයීය නීතිඥ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

තමා රාජකීය විද්‍යාලයීය සිසුවෙකු ලෙස ගත කළ කාලය සහ සිය චරිතය හා වගකීම් සහගත බව හැඬගස්වා ගැනීමට විද්‍යාලයෙන් ලැබුණු දායකත්වය ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම වෙනුවෙන් ජනප්‍රිය නොවූ දැඩි තීන්දු ගැනීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ සිය කැපවීම පැහැදිළි කරමින් සඳහන් කළේ අභියෝගවලට මුහුණදීමේ ආත්මශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ප්‍රගුණ කරන ලද්දක් බවයි.

මෙරට නීති ක්ෂේත්‍රය වෙනුවෙන් රාජකීය විද්‍යාලය ඉටුකර ඇති කාර්යභාරය මෙහිදි ඇඟයීමට ලක් කළ ජනාධිපතිවරයා ඉදිරියේදී මතුවිය හැකි නව නීති ක්ෂේත්‍ර පිළිබඳව ද තරුණ නීතිඥවරුන්ව දැනුවත් කළේය.

වරාය නගරය මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අදාළ නීතිමය ක්ෂේත්‍රවල මූලික ආරම්භයක් ලබා ගැනීමට එහිදී තරුණ නීතීඥයින් දිරිමත් කළ ජනාධිපතිවරයා වගකීම් සහ නායකත්ව භූමිකාවන්හි වැදගත්කම ද අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවේ පිළිගැනීමේ කථාව රාජකීය විද්‍යලයීය නීතීඥ සංගමයේ සභාපති රොහාන් සහබන්දු මහතා විසින් සිදු කළ අතර එහි ලේකම් ධූරයෙන් නික්ම යන හර්ෂණ මාත්‍රආරච්චි මහතා විසින් පසුගිය වසරේ වාර්තාව සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

රොහාන් සහබන්දු මහතා රාජකීය විද්‍යාලයේ නීතීඥ සංගමයේ සභාපති ලෙස නැවත තේරී පත් වූ අතර නව ලේකම්වරයා ලෙස තේරී පත් වූ ලසිත කණුවනආරච්චි මහතා ස්තුති කතාව සිදු කළේය.

නීතිපති සංජය රාජරත්නම්, රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...