ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය

Date:

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.

සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබා දෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟපෙන්වීම් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවත් ඔවුන් සඳහන් කර ඇත.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිස අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළහ.

ලෝක බැංකු සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන මෙහිදී පූර්ණ විමර්ෂණයකට ලක් කෙරුණු අතර එහි ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා සහ ලෝක බැංකු නියෝජිතයින් සිය අදහස් දැක්වූහ.

මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලනය වැඩි දියුණු කිරීම, ස්වෛරී-මූල්‍ය අංශයේ සම්බන්ධතාවය සහ පද්ධතිමය අවදානම් අවම කිරීම, බැංකු අංශයේ ස්ථාවරත්වය සහ විශ්වාසය පවත්වා ගැනීම, ප්‍රතිව්‍යුහගත කිරීම සහ බෙදා හැරීම, ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය වැඩි කිරීම, බ්‍රෝඩ්බෑන්ඩ් වෙළඳපොළේ පුද්ගලික ප්‍රාග්ධනය සහ තරගය බළමුළු ගැන්වීම, සමාජ ආරක්ෂණ ආයතනය, බෙදාහැරීමේ පද්ධතිය සහ ඉලක්ක කිරීම ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆැරීස් හඩාඩ් සර්වෝස් (Faris H. Hadad- Zervos) මෙරට කළමනාකරු චියෝ කන්දා (Chiyo Kanda), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ඇලේජන්ඩ්‍රෝ ඇල්වරෙස් ඩිලා කම්පා (Alejandro Alvarez dela Campa), මෙරට උපදේශක හුසාම් අබුඩාගා යන මහත්ම මහත්මීහු ඇතුළු ලෝක බැංකු නියෝජිතයෝ ද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...