වියදම් අනුපිළිවෙල වෙනස් කරන්න වුණොත් ගැටලුවක් – මුදල් රාජ්‍ය ඇමති

Date:

රට ආර්ථික වශයෙන් අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පා සිටින මේ මොහොතේ රටේ පවතින ආදායම අනුව වියදම් අනුපිලිවෙලක් සකසා ඒ අනුව කටයුතු කරන බවත්, එම අනුපිලිවෙල වෙනස් වුනහොත් ආර්ථිකය කළමණාකරණය කරගැනීමේ යම් ගැටළුකට මුහුණ පෑමට සිදුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට – අටලුගම ප්‍රදේශයේදී ඊයේ (05) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ මාසය තුළ ඉදිරියට සමෘද්ධි දීමනා , පෙලපොත් මුද්‍රණය, වී මිලදී ගැනීම සේවක වැටුප් ගෙවීම ආදිය සිදු කිරීමට වියදම් කළයුතු බවත්, ඒ අනුව එම අනුපිලිවෙල වෙනස් කිරීමට සිදුවුවහොත් ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...